අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඔවුන්ට අදාළ හිග මුදල් ඇතුළු සියලු ගෙවීම් ලබන 18 වැනිදා වනවිට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවැසුවේය. ඒ අනුව දැනට පවුල් 1,854,000 ක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා බවත් එම පවුල් වෙනුවෙන් රුපියල් බිලියන 58.5ක මුදලක් රජය වැය කරන බවත් සේමසිංහ මහතා සඳහන් කළේය.
නමුත් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සහ ජනමාධ්‍ය මගින් දැනුවත් කිරීම් සිදු කළද මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ගෙන් ප්‍රතිචාර ලැබී නොමැති බව සේමසිංහ මහතා පැවැසුවේය.
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් 400,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත් ඉන් පවුල් 286,000ක් පමණ මේ වන විට පද්ධතියට ඇතුළත් කර ඇති බවත් සේමසිංහ මහතා සඳහන් කළේය. ඊට අදාළ සංගණන කටයුතු මැයි මස ආරම්භ කිරීමට නියමිත බවද ඔහු පැවැසුවේය.
අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනට පවුල් ලක්ෂ 24ක් ඇතුළත් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් මෙවර අයවැය මගින් ඊට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205 ක් බවත් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
386
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අභියාචනා සැලකීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභින් වැඩිවෙයි
duminda Friday, 12 April 2024 11:19 AM
මේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ නැද්ද පිනට දීලා ඡන්දේ ගන්න විතරයි මුන් දන්නේ