(රංජන් කස්තුරි)
සෞඛ්‍යයට අහිතකර අබලිද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23) රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.
බ්‍රිතාන්‍යයෙන් මෙරටට ගෙන්වා ඇත්තේ නාගරික අපද්‍රව්‍ය ගණයට වැටෙන අබලි ද්‍රව්‍ය වන අතර ඒවා ආනයනයට ඉඩදීමෙන් නිලධාරීන් වරදක් කර තිබේනම් ඔවුන්ට එරෙහිවද පියවර ගන්නා බවද මුදල් ඇමැතිවරයා නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.
නාගරික අපද්‍රව්‍ය වෙනත් රටකට ආනයනය කරන්නේ නම් ඒ සඳහා ආනයනික රටේ පරිසර අධිකාරියෙන් අවසර ලබා ගැනීම අනිවාර්ය බවද මුදල් අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ තියන කුණු මදිවාටද අනුන්ගේ කුණු මෙහෙ ගෙන්වන්නේ. පුළුවන් නම් අපේ කුණු ටිකත් පිටට යවමු. ඇයි මේවට විරෝධය පාන්න අර විරෝධතා කාරයෝ නැත්තේ.
මේ කුණු ගෙන්වපු අයගේ ගෙවල් වලට දාන්න ඕනේ . අනිවාර්යයෙන් පරිසර අධිකාරියේ, රේගුවේ, ගෙන්වපු ආයතන වල වගකිවයුතු, අල්ලස් අරගෙන මේ ලිපි වලට අත්සන් කල සියලුම දෙනා හිරේට යැවීයයුතුයි. මේක රටේ ජනතාවට නොදන්නා රෝග බෝකරන, රටේ ජලය අපවිත්‍ර කරන, රට කුණු කන්දක් කරන සහගහන අපරාධයක්