
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ජපාන තානාපති කාර්යාලයට පැමිණ, ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සො අබේගේ අභාවය වෙනුවෙන් විශේෂ සටහනක් තබා ශෝකය පළ කළේය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිඩෙආකි මිසුකෝෂි මහතාද මේ අවස්ථාවට සහභාගි විය.
ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සො අබේගේ අභාවය වෙනුවෙන් අද ( 12) මෙරට ජාතික ශෝක දිනයක් ලෙසද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කෙරිණ.
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය වරයා ජපානයේ නාරාහි දේශනයක් පවත්වමින් සිටින අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පසුගිය 8 වෙනිදා ජීවිතක්ෂයට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටකාටත් ඔය දිනෙ එයි.