
හෝමූස් විවෘත නොකරන්නේ නම් ඉරානයේ බලශක්ති පද්ධති සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දිගට හරහට ප්‍රහාර එල්ල කරනවා යැයි ට්‍රම්ප් අවසන් නිවේදනයක් නිකුත් කළේ පළමුවෙන් ඉරානයට පැය 48 ක් කළ් දෙමිනි.
දැන් සාකච්ඡා පැවැත්වෙන බැවින්, එම පැය 48, අප්‍රේල් 6 තෙක් කල් දැමීමට ට්‍රම්ප් පියවර ගෙන ඇත. ට්‍රම්ප් මෙසේ කල් මරන්නේ ඉරානයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට යැයි දේශපාලන විශ්ලේසෂකයන්ගේ අදහස වී තිබේ.
සාකච්ඡා සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වීමක් වශයෙන් ඉරානය, තෙල් නැව් 10 කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට අවසර දුන් බව ට්‍රම්ප් මාධ්‍ය පවසා ඇත.
මෙය ඇමෙරිකාවට ලැබුණු විශාල තෑග්ගක් යැයි ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත. තමන් අවංක සහ ස්ථාවර බව පෙන්වීම සඳහා තෙල් නැව් 8 කට අවසර ලබා දෙන බව ඉරානය මුලින් ප්‍රකාශ කළද, අවසානයේදී එය තෙල් නැව් 10 ක් වූයේ යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ මන්ද මානසික රෝගියෙක්, ස්ත්‍රී දුෂකයෙක්, අවරුදු 12-15 ගැහැණු දරුවන් අපයෝජනයකොට මරාදැමී යයි චෝදනා ඇත්තෙක් රටේ ජනාධිපති වශයෙන් පත්කරගැනීම පිළිබඳව ඇමෙරිකාවේ බහුතරයක් ජනතාව ලැජ්ජාවට පත්විය යුතුයි.
තරඟාත්මක ආකාරයෙන් නොකොට ඔවුන්ට ගෞරවනීය අයුරින් අමතා කටයුතු කිරීම නේද වඩා හොඳ? ඉරානය හරි හෝ වැරදි හෝ, ඔවුන් තමන්ගේ තනි බලය යොදාගෙන ජාත්‍යන්තර නීතියක්වත් සීමාවක්වත් නොසලකා මේ සියලු පහරදීම් කළා. අපි මේ වගේ දෙයක් රට ඇතුළේ කරානම්, රුදාවා හැදෙන සංවිධාන අද වගේ වගකීමක් නැතුව ඉන්නේ නැහැ. පුදුම කියන්නේ දැන් ඒ අය කොහෙද දන්නේ නැහැ, හැංගිලා ඉන්නවා.
හැම ගහකටම කොට කොටා ගිහින් කෙසෙල් ගසට කොටලා , හොට පැටලුන කොට්ටෝරුවට වුන දෙය ට්‍රම්පට සිදු වෙලා , දැන් ට්‍රම්ප් සාම වැඩපිළිවෙලකට යන්න කැමති වුනත් , ඉස්රලේ එකට කැමති නැහැ , නුවනක්කාරම වැඩේ ඉස්රලේට ඕන මගුලක් කරගන්න කියල ඇමරිකාව , අර වියට්නාමේ , ඇෆ්ගනිස්තානේ කලා වගේ යුධෙන් ඉවත් වෙන එක , එහම නොකලොත් ඇමරිකාවට සහ ලෝකෙට වෙන විනාශේ ගණනය කරන්න බැහැ , අදත් යුද්දේ නිසා ඇමරිකාවට ඩොලර් බිලියනයක පමණ පාඩුවක් සිදු වෙන අතර , ලෝකෙට බිලියන 10 පමණ පාඩුවක් සිදුවෙනවා
අවුරුදු 60 න් පස්සේ විශ්‍රාම යන නීතිය, ඇයි මේ දේශපාලුවන්ට අදාල නැත්තේ..? කණපිට පෙරළිච්ච ලෝකයක්..