(අංජුල මහික වීරරත්න)

බාල ගල් අඟුරු ගෙනෙන්නට එපායැයි තමන් කොතරම් අනතුරු ඇඟවුවත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අවසානයේ ආණ්ඩුව බාල ගල් අඟුරු ගෙනවිත් ඒ පීඩනය ජනතාව මත පැටවූ රාජපක්ෂ මහතා කීය.

"අපි ආණ්ඩුවට කිව්වා කවුරු ආයෝජකයන් ගෙනාවත් කමක් නෑ අර මන්නාරාමේ සුළං විදුලි බලාගාරය හදන්න කියලා.ඒවා හරවලා යැව්වා. ඉතින් කොච්චර ධනාත්මක යෝජනාවල් ගෙනාවත් අර  කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑනේ. අහන්නෙම නෑ නේ යනුවෙන්ද රාජපක්ෂ මහතා කීය.

කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.