(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපතිවරයාට අපහාස වන සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ලිපි මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණකයක්, ඡායා පිටපත් යන්ත්‍රයක් සහ ලිපි ලේඛන රැසක් රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ තිබී අද (3) සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
එම අමාත්‍යංශය භාර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ඇතුළු තිදෙනෙකු ඊයේ(02) මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලිපි 600ක් රැගෙන ආ අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරීන් ට ඇති වූ සැකයක් මත මෙම ලිපි පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව කොටුව පොලිසිය දැනුවත් කර ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
එම සැකකරුවන් තිදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම අමාත්‍යාංශය බාර ඇමැති කියන්නේ නැතිව කිරිඇල්ල කියලා නමින් කියන්න බැරි ඇයි?
මේ සැරේ අතටම මාට්ටු. දැන් කියයිද දන්නේ නැහැ..., මතක නැහැ, පැනලා යන්න දෙන්න එපා මේ සැරේ...
රට එකම ගිනි ගොඩක්. මොවුන් ඒ ගින්නෙන් සුරුට්ටු පත්තු කරනවා. වයසේ හැටියටවත් වැඩ කරන්න නුවණ පහළ වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ඔන්න විමලේ පොටක් පෑදිලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේදී දෙන්නයි තියෙන්නේ බඩ කට පිරෙන්නම. අමතක කරන්න එපා අපි බලන් ඉන්නවා කතාව අහන්න.
තිස්ස අත්තනායකට වගේ මේ ගොල්ලොත් නිදහස් වේවිද? මේ ගොල්ලෝ එකම පන්තියේ කට්ටියනේ...
ලිපියේ අන්තර්ගතය දන්නේ නැතිව ඇගයීමක් කරන්නේ කොහොමද?