(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගයට (2023) පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ඊයේ (7) සිට මේ මස 28 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් කැඳවන බව විභාගය දෙපාර්තමේන්තුව පවසයි.
සියලුම අයුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic යන එම දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම ‘ DoE ’ වෙත පිවිස උපදෙස් හොදින් කියවා නිවැරදි මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ යුතු බවත් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසු සිසුවියන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද, අයදුම්පත් යොමුකළ යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්ට දී ඇති පරිශීලක නාමයන් සහ මුරපද භාවිතයෙන් අයදුම්පත් යොමුකළ යුතු බව කියන විභාග දෙපාර්තමේන්තුව පෞද්ගලික අයදුම්කරුවන් සිය ජාතික හැදුනුම්පත් අංකය භාවිත කර අයදුම්පත් යොමුකළ යුතු බව ද සඳහන් කරයි.
සියලුම අයදුම්කරුවන් අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව එහි මුද්‍රිත පිටපතක් අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට සුරක්‍ෂිතව තබාගත යුතු බවත් පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටින සිසු සිසුවියන් ද නැවත විභාගයට පෙනී සිටීමට අපේක්‍ෂා කරන්නේ නම් මේ මස 28 වැනිදාට පෙර අයදුම්පත් යොමුකළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර අවශ්‍ය නම් 1911 සෘජු දුරකථනය, 0112784208, 0112784537 සහ 0112786616 හෝ එම දෙපාර්තමේන්තුවේ පොදු දුරකථනවලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු විභාගෙ ප්‍රතිඵල දෙන්න කිසි වුවමනාවක් නැහැ. ළමයි නාකි වෙනවා ප්‍රතිඵලේ නැතිව... ගිය වතාවේ කරපු අය කොහොමද තමන්ගේ ප්‍රතිඵල දන්නේ නැතිව විභාගයට නැවත අයදුම් කරන්නේ? මෝඩ ඇමැති සහ පරිවාර නිලධාරීන්ගේ තීරණ...
පෙර වර්ෂයේ ප්‍රතිඵල තවමත් නැහැ... ප්‍රායෝගික පරීක්ෂණ තියෙන්නේ මේ මාසයේ අන්තිමේ... ඉතින් එහෙම වුණාම දෙවැනිවර ඉදිරිපත් වීමට සිටින දරුවන්ට මොකද වෙන්නේ...?
අන්තෝජටා බහිජටා කියන්නේ ඕකට තමයි... ඇමැතිවරයා අමාත්‍යාංශය සහ අධ්‍යාපන කාර්‍යාලය සියල්ලම වැඩ කරන්නේ ඔහොම තමයි. අනෙක් දෙපාර්තමේන්තු සියල්ලත් ඒවාට දෙවැනි නැහැ. ඇත්තටම රජයේ නිලධාරින් හා සේවකයින් සමග දේශපාලුවන් කරන්නේ මොනවාද කියලා හිතාගන්න බැහැ...