
(පී.ගාර්දියවසම්)
අපල දුර කර ගැනීම සඳහා සිය ආච්චි අම්මා සමග වීරවිල ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දේවාලයකට ගිය කුඩා දරුවකුගේ අත පිළිස්සී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
අපලය දුර වෙන්නැයි ප්‍රර්ථනාකර පූජා පවත්වා අනතුරුව පූජාව පැවැත් වූ විහාරාධිපති හිමි කපුරු පෙත්තක් දරුවාගේ අල්ලමත තමා එය දැල්විම නිසා දරුවාගේ දකුණු අත තදබල ලෙස පිළිස්සී ඇතැයි ද පොලිසිය කියයි.
පිළිස්සුණු තුවාල සහිතව දරුවා වීරවිල රෝහලටත් එතැනි හම්බන්තොට රෝහලටත් ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. විහාරාධිපති හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපලය දුර කරන්න ගිහින් අපලය පාත් වෙලා
Pradeep Kumara Thursday, 18 May 2023 09:54 AM
අනේ මෙහෙමත් භික්ෂූන් වහන්සේලා. නායක හිමිවරුන්ට බැරිද මේ වගේ අය වෙනුවෙන් විනයානුකූල පියවර ගන්න. ඒ වගේම අන්ධ විශ්වාස වල එල්බගෙන ඉන්න උපාසක අම්මලා. මේ දෙගොල්ලන්ටම බෞද්ධ දර්ශණය නිසි වැටහීමක් නෑ වගේ.
Bunny Preena Thursday, 18 May 2023 09:57 AM
දරුවාට ලොකුම අපලය වෙලා තියෙන්නෙ ආච්චි අම්මා සහ දේවාලය පවත්වාගෙන යන හාමුදුරුවොයි.
ලුම්බිණි Thursday, 18 May 2023 10:27 AM
බුදු දහම නොදන්නා හාමුදුරුවරු තමයි අද ඉන්නේ.
ආවී බාබා Friday, 19 May 2023 07:07 AM
දේවාලය ගානේ යන මිනිස්සුන්ට මෙවා හොඳ පාඩමක්