(විනීතා එම් ගමගේ)
කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් වසා දැමීමට සිදුවූ කම්හල්වල සේවක සේවිකාවන්ට අපේ‍්‍රල් මස වැටුප ගෙවීම පිළිබඳව සියලූ වාණිජ මණ්ඩල සමඟ එක්ව සාකච්ඡා කොට යම් යෝජනා කිහිපයක් රජයට ඉදිරිපත් කිරීමට හාම්පුතුන්ගේ සම්මේලනය එකඟ වූ බව කම්කරු අමාත්‍යංශය පවසයි.
නිපුණතා සංවර්ධණ රැකී රක්ෂා සහ කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප‍්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යංශයේ දී රැස්වූ ත‍්‍රී පාර්ශවික කාර්ය සාධන බලකා කමිටු රැස්වීමේ දී හාම්පුතුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා මෙසේ එකඟ වී යැයි කම්කරු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
කම්කරු අමාත්‍යාංශ නිලධාරින් සේවක වෘත්තිය සමිති හා හාම්පුතුන්ගේ සංගම්වල නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගි වී තිබේ.
ඇදිරි නීතිය පවතින අවස්ථාවේ නිෂ්පාදන ව්‍යාපාර යළි ඇරඹීම ඒවායේ අඛණ්ඩ පැවැත්ම, සේවක රැකියා දිගටම පවත්වාගෙන යාම හා සේවක වැටුප් ගෙවීම යන කරුණු කෙරෙහි මෙම රැස්වීමේ පූර්ණ අවධානය යොමුවී යැයි ද හෙතෙම කියා සිටියේය.
එමෙන්ම ව්‍යාපාර කර්මාන්ත හා සේවකයින්ගේ අඛණ්ඩ කටයුතු ඇතුළු සියලූ අංශ පිළිබඳව සොයා බැලීමේ සැළැස්මක් සකස් කිරීම සඳහා අමාත්‍යංශ මට්ටමේ ත‍්‍රිපාර්ශවීය කාර්ය සාධන බලකා කමිටුව සමග හාම්පුතුන් ගේ සම්මේලනය එකඟ වූ බව ද ඔහු සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අප්‍රේල් වැටුප ගෙවීම පිළිබඳව යළි සාකච්ඡා