දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අපර භාගයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල  ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වඩ වැඩි තරමක් තද වැසි ඇතිවේ.   

බස්නාහිර දකුණ සහ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ස්වල්පක් ඇති වේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට උදෑසන කාලයේදී තරමක මීදුම් තත්ත්වයක් පැවැතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.