( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දියණියන් සිව් දෙනෙකු සමග මවක රැදී සිටි මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ බව කියන කල්ලියක සාමාජිකයෙකු අසල් වැසි තරුණයකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ කැපුම් තුවාල සහිතව නිවස තුලදීම මරණයට පත් ව ඇතැයි පොලිසිය කියයි.
ඔහු සමඟ පැමිණි අනෙක් දෙදෙනා පලා ගොස් ඇතැයිද මිනුවන්ගොඩ පොලීසිය පවසයි.
ඊයේ(11) අළුයම් කාලයේ යාගොඩමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දෙමහල් නිවසකදී ඇති වූ මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ ඕපාත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවට හඳුනාගෙන ඇත.
දේපල කොල්ලකෑමේ හෝ නිවැසි කාන්තාවන්ට අතවර කිරීමේ අරමුනින් මොවුන් පැමිණියාද යනන පිළිබඳවත් පරීක්ෂණ සිදු කෙරෙන බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං ඔය පහර දීපු පුද්ගලයව අත් අඩංගුවට අරන් දඬුවම් දෙන්න යන්න එහෙම එපා. පලා ගිය අනෙක් පුද්ගලයන් හොයාගෙන උන්ටත් දඬුවම් කරන්න. මනුෂ්‍ය ඝාතන අනුමත නොකලත් මෙවන් සමාජ පිළිල තුරන් කල යුතුමයි.
අද බොහෝවිට අපරාධයක් සිදුවෙන අවස්ථාවේදීම පොලිසියට එම ස්ථානයට පැමිණ එය වැළක්විය නොහැක. බොහෝවිට පොලිසිය පැමිණෙන විට මංකොල්ලකරුවන් පලාගොස් හමාරයි. මෙවැනි පසුබිමක අසල්වැසියන් එකතු වී අපරාධයක් සිදුවීම වැළැක්වීමට ගත් පියවර ප්‍රශංශා කළයුතු දෙයකි.