IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අපරාධකරුවන්ගේ නඩු ස්කයිප් හරහා

(රෝෂන් තුෂාර)

දරුණු අපරාධකරුවන් ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන්ට එරෙහි නඩු (skype) ස්කයිප් තාක්ෂණය ඔස්සේ විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය තීරණය කර ඇත.

මේ අනුව  ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් නම දෙනකුට එරෙහි පැමිණිල්ලද ස්කයිප් තාක්ෂණය ඔස්සේ විභාගයට ගන්නා බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රධාන රෙජිස්ටාර්වරිය සඳහන් කළාය.

බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව සලකා බලා මෙසේ නඩු අන්තර්ජාලය හරහා විභාග කිරීමට තීරණය කළ බවද,ඉදිරියේදී සියලු නඩු විභාග කිරීම් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට කටයුතු සම්පාදනය කරන බවද රෙජිස්ථාර්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 



අදහස් (4)

අපරාධකරුවන්ගේ නඩු ස්කයිප් හරහා

Rohana Friday, 07 March 2025 03:11 AM

හිරකරුවන්ගෙ ආරක්ෂාවට ගත්තු හොද වැඩපිලිවෙලක්.

:       0       0

බකල ජයා Friday, 07 March 2025 04:08 AM

වැඩිකල් කරන්න වෙන්නෑ. ස්කයිප් මැයි වෙනකොට නවතිනවලු. ඊට පස්සෙ යෝගට් කප් දෙකකුයි, නූලකුයි හොයාගන්න වෙයි.

:       0       6

sam Friday, 07 March 2025 05:09 AM

ස්කයිප් ලබන මාසේ අන්තිමට නවතින්න යනවා.

:       0       1

පාඨකයෙක් Friday, 07 March 2025 08:41 AM

මෙම වසරේ මැයි මසදී 'ස්කයිප්' සේවය නිමා කරන බව එහි හිමිකරු වන මයික්‍රසොෆ්ට් සමාගම දින 6කට පෙර ප්‍රකාශ කර තිබුණි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site