IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජය විසින් පියවර ගත යුතුව තිබෙන බව රජය පවසයි.

මේ අනුව  අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපත්ති හා නීතිමය රාමුවක් සහ ක්‍රියා පටිපාටිය සකස් කිරීම පිණිස 2023 මාර්තු මාසයේදී අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබ ඇත.

මෙම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්ව අපරාධයකින් උපයා ගත් දේපල පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති ගැටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (4)

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති

පිටරටවැසියා Friday, 26 April 2024 02:05 PM

දැනටමත් රටේ අවශ්‍ය ප්‍රතිපත්ති හා නීතිමය රාමුවක් සහ ක්‍රියා පටිපාටියක් තියෙනවා. නමුත් ක්‍රියාත්මක වීමක් නැත. එහෙව් එකේ මොකටද තවත් නීති සහ ක්‍රියා පටිපාටියක් හදන්න බදු මුදල් සහ කාලය වැය කරන්නේ... දැනට තිබෙන නීතිමය රාමුවක් සහ ක්‍රියා පටිපාටිය හරියට ක්‍රියාත්මක කලොත්, 226 ගේම මෙරට සහ පිටරට දේපළ ඔක්කෝම රාජසන්තක කරත හැකියි. ඒ වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ නෑමයි...

:       0       18

CCFriday, 26 April 2024 02:45 PM

මේ රටේ දේශපාලනය අවංකවිය යුතු අතර දේශපාලනඥයා අවංක අදූෂිත ප්‍රතිපත්ති ගරුක අයවලුන් විය යුතුයි. එවිට මේ රට ගැන හිතන රටේ ජනතාව ගැන හිතන දේශමාමක පිරිස් බිහි වෙන්නේ. නමුත් පවතින මෙම දේශපාලන සංස්කෘතිය තුළ එවැන්නක් බලාපොරොත්තු විය නොහැකියි. මේ නිසා මෙම දූෂිත සංස්කෘතිය වෙනස්කල හැකි අදූෂිත ජනතා ව්‍යාපාරයක් බලයට ගෙන ආයුතුයි. එය වෙනවාට වංචනිකයෝ කැමැති නැත...

:       2       9

ලෙස්ලි Friday, 26 April 2024 05:33 PM

226 අපරාධ නොකර ද මිනිසුන්ගේ සීරිමාංශ උරා කෑවේ...?

:       0       2

Lalla Saturday, 27 April 2024 09:33 AM

පාලකයන් ගත්ත කොමිස් අපරාධ ගණයට වැටෙන්නේ නැතිනම් ඒකට නීතියක් අවශ්‍යයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site