(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජය විසින් පියවර ගත යුතුව තිබෙන බව රජය පවසයි.
මේ අනුව අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපත්ති හා නීතිමය රාමුවක් සහ ක්‍රියා පටිපාටිය සකස් කිරීම පිණිස 2023 මාර්තු මාසයේදී අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබ ඇත.
මෙම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්ව අපරාධයකින් උපයා ගත් දේපල පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති ගැටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් රටේ අවශ්‍ය ප්‍රතිපත්ති හා නීතිමය රාමුවක් සහ ක්‍රියා පටිපාටියක් තියෙනවා. නමුත් ක්‍රියාත්මක වීමක් නැත. එහෙව් එකේ මොකටද තවත් නීති සහ ක්‍රියා පටිපාටියක් හදන්න බදු මුදල් සහ කාලය වැය කරන්නේ... දැනට තිබෙන නීතිමය රාමුවක් සහ ක්‍රියා පටිපාටිය හරියට ක්‍රියාත්මක කලොත්, 226 ගේම මෙරට සහ පිටරට දේපළ ඔක්කෝම රාජසන්තක කරත හැකියි. ඒ වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ නෑමයි...
226 අපරාධ නොකර ද මිනිසුන්ගේ සීරිමාංශ උරා කෑවේ...?
පාලකයන් ගත්ත කොමිස් අපරාධ ගණයට වැටෙන්නේ නැතිනම් ඒකට නීතියක් අවශ්‍යයි.