
(කේ. බුද්ධික කුමාරසිරි)
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන මනෝජ් මුතු කුමාරණ නොහොත් "මුතුවා" නැමැත්තාට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාර ප්‍රදේශයේ පිහිටි නිවසට අද (27) දින අළුයම කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් වෙඩි ප්‍රහාර අටක් පමණ සිදු කර ඇති බව නවගමුව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හානි සිදුව නොමැති බවත් නිවසේ දොර ජනෙල් සහ බිත්තිවලට හානි සිදුව ඇතැයිද පොලිසිය පවසයි.
මෙම සංවිධානාත්මක අපරාධකරු නවගමුව පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ අපරාධ රැසක් මෙහෙයවා ඇති බවත් නවගමුව පොලිසියේ නිලධාරියකු ඝාතනය කරන බවට පසුගියදා දුරකථනයෙන් තර්ජනය කර තිබූ බවත් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපරාධ ලේඛනයේ සිටින මුතුවාගේ නිවෙසට වෙඩි
Bunny Preena Wednesday, 27 March 2024 09:07 AM
පාතාලයේ පවුලේ අයටත් එහි නියම රස අත්විඳීමට ලැබෙනවානම් එහෙමත් නැතිනම් කවුරුන් හරි එම අත්දැකීම් ලබා හොඳ මානසික සතුටක් ලබාගන්නට කටයුතු සැලැස්වෙනවා නම් බොහොම හොඳයි