IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අප්‍රිකාවෙන් පිට පළමු වඳුරු උණ මරණ වාර්තා වෙයි

අප්‍රිකාවෙන් පිට පළමු 'වඳුරු උණ' මරණ වාර්තා වීමට පටන්ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම මරණ වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙනි.

ගෝලීය හදිසි තත්ත්වයක් නිර්මාණය කළ, 'වඳුරු උණ' හෙවත් 'වඳුරු පැපොල' (මන්කි-පොක්ස්) අප්‍රිකාවට ආවේණික වයිරසයකි. මෙය පළමුවෙන් මිනිසුන්ට බෝ වීමට පටන්ගෙන ඇත්තේ අප්‍රිකාවේ වඳුරන්ගෙනි.

ගෝලීය හදිසි තත්ත්වයක් නිර්මාණය කළ, 'වඳුරු උණ' වසංගතය ආරම්භ වූයේ මෙම වසර ආරම්භයේය. ඒ, විද්‍යාඥයන් පුදුමයට පත් කරමිනි. රටවල් 75 කට වඩා වයිරසය ව්‍යාප්ත වී ඇති අතර, ආසාදිතයන් ගණන 17,000 කට වැඩිය.

මෙම නව වසංගත තත්ත්වය ඇති වූ දිනයේ පටන් මේ දක්වා අප්‍රිකාවෙන් පිට කිසිදු මරණයක් වාර්තා නොවිණි. අප්‍රිකානු රටවලින් වාර්තා වූ මරණ ගණන 5 ක් පමණි.

ස්පාඤ්ඤය යනු වැඩිම 'වඳුරු උණ' ආසාදිතයන් වාර්තා වන යුරෝපා රාජ්‍යයකි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන 'වඳුරු උණ' ආසාදිතයන් ගණන 4,298 කි. එම ආසාදිතයන්ගෙන් 120 දෙනකු රෝහල්ගතව සිටින බව ද පැවැසෙයි. ස්පාඤ්ඤ සෞඛ්‍ය අංශ නිවේදනය කළේ රෝහල්ගතව සිටි එක් අයකු මියගිය බවය.

බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ එරට 41 හැවිරිදි අයකු 'වඳුරු උණ' ආසාදනය වීමෙන් මියගිය බවය. මෙම තැනැත්තා ප්‍රතිශක්තිය හීනවීමේ රෝගී තත්ත්වයකින් පීඩා විඳි අයකු බව ද අනාවරණය වී තිබේ. මොහු මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

(රොයිටර්)



අදහස් (0)

අප්‍රිකාවෙන් පිට පළමු වඳුරු උණ මරණ වාර්තා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site