IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අප්‍රිකාවේ වික්ටෝරියා විලෙහි යාත්‍රාවක් පෙරැළී 29ක් මරුට

අප්‍රිකාවේ වික්ටෝරියා විලේ  ගමන් කරමින් තිබු  යාත්‍රාවක්  පෙරැළීමෙන් පුද්ගලයින් 29 දෙනකු මිය ගොස් ඇතැයි  මාධ්‍ය වාර්තා කරයි.

 

කලාකරුවන්  ඇතුළු පිරිසක් රැගෙන  ගමන් කළ මෙම යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 100 ක් පමණ  ගමන් කර ඇති අතර  යාත්‍රාව උගන්ඩාවේ අග නගරයවන කම්පාලා  ප්‍රදේශයෙන් විලට පිවිස තිබේ.


මේ වනවිට 60දෙනෙකු පමණ අතුරුදන් වී ඇතැයිද, ඔවුන් මුදා ගැනීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වනබවද  උගන්ඩා පොලීසිය සඳහන් කරයි.


විනෝද සංචාරයක් සඳහා සති අන්තයේදී මෙම බෝට්ටුව කුලියට ගෙනමෙම පිරිස ගමන් අරඹා තිබේ. 


උගන්ඩාවේ ජනමාධ්‍ය අයතනයක කිහිපදෙනකුද, කලා ශිල්පීන් කිහිප දෙනකුද ඒ අතර සිට  ඇති අතර, උගන්ඩාවේ  රජුගේ සොහොයුරා වු දසුතී කිංටු කුමරු දිවි බේරාගත් අය අතර වන බව පොලීසිය සඳහන් කරයි.


හෙලිකොප්ටර්  සහ සහන සේවා කණ්ඩායම් යොදවා ගනිමින් සිරුරු සෙවීම් කටයුතු අරඹා ඇතැයි එරට පොලීසිය පවසයි.


වික්ටෝරියා විලෙහි මීට පෙරද මෙවැනි අනතුරු සිදු වී අති අතර  1996 වසරේදී  මෙලෙසම සිදුවූ අනතුරකින් දහසකට අධික පිරිසක්  මියගොස් ඇතැයි වාර්තා වී තිබේ. 


උගන්ඩාවේ  නියෝජ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැට්‍රික්  ඔන්යාගෝප් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ  යාත්‍රාවට දැරිය නොහැකි  පිරිසක්  පටවාගෙන යාත්‍රාව ගමන් කිරීම හා ඒ මොහොතේ පැවැති කාලගුණික තත්ත්වය මෙම අනතුරට විශාල හේතුවක් වී ඇති බවයි. එසේම බොහෝ දෙනකුට ජීවිතාරක්ෂක  උපකරණ කට්ටල නොතිබී ඇතැයිද ඔහු පවසයි.

අනතුරට ලක් වු පිරිස අතුරින් සොයාගත් සිරුරු ගොඩබිමට රැගෙන එද්දී  පැමිණ සිටි ඥාතීන් විසින් ඔවුන් හඳුනා ගෙන තිබිණි.
 

( බී බීසී  ඇසුරෙනි)

(36698)



අදහස් (0)

අප්‍රිකාවේ වික්ටෝරියා විලෙහි යාත්‍රාවක් පෙරැළී 29ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 766 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2408 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site