
( තිළිණි ද සිල්වා )
දකුණු අප්‍රිකාව, ඇතුළු අප්‍රිකා කලාපයේ රටවල් 6ක සංචාරය කළ ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා අද පැවසීය.
ඒ අනුව දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ, ස්වාසිලන්තයේ යන රටවල් 6 ක සිට පැමිණෙන මගීන්ට පැවති තහනම වහාම ඉවත් කළ බවද එම අධිකාරියේ සභාපතිවරයා කියා සිටී.
අදාළ රටවලට ඉකුත් නොවැම්බර් 27 වැනිදා රාත්‍රී 12 සිට, නැවත දැනුම් දෙන තුරු මෙරටට ඇතළු වීම සිවිල් ගුවන් සේවා අධිකාරිය තහනම් කෙරිණි.
දකුණු අප්‍රිකාවෙන් ඇතුළු එම රටවලින් හමුවී ඇති ඔමික්‍රෝන් නැමැති කොරෝනා විකෘති ප්‍රභේදය "අවදානම් සහගත" බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ වීමත් සමග මෙරට සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත මෙම පියවර ගත්තේය.
ඉහළ විකෘතිතා සහිත දරුණුතම කොවිඩ් ප්‍රභේදයක් ලෙස හඳුනාගත් මෙම කොවිඩ් ප්‍රභේදය පසුගිය 24 වනදා ප්‍රථම වරට දකුණු අප්‍රිකාවෙන් වාර්තා විය.මේ වන විට බෙල්ජියම, හොංකොං, බොට්ස්වානා ඇතුළු රටවල් කිහියකින් ද මෙම වෛරසය ආසාදනය වූවන් සොයාගෙන ඇති බව වාර්තා වේ.
B.1.1.529 යනුවෙන් ද හැඳින්වෙන මෙම ප්‍රභේදය අවධානයෙන් සිටිය යුතු ප්‍රභේදයක් ලෙසද ලෝක සංවිධානය වර්ගීකරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාලකයන්ට පිස්සුද? අප්‍රිකාවේ ඉඳලා සංචාරකයෝ එනවද?