
(උපුල් හේරත්)
අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද හදවත් රෝගීන්ගේ ප්‍රමාණය හා මිය යන ලද සංඛ්‍යාව පෙර වර්ෂවලට වඩා මේ වසර තුළ ඉහළ අගයක් ගෙන ඇතැයි රෝහල් ලේඛන උපුටා දක්වයි.
2021 හා 2022 යන වර්ෂවල හදවත් රෝගීන් පමණක් එක් වසරකට නේවාසිකව ප්‍රතිකාර ලැබූ ප්‍රමාණය හාර දහසක්, පන්දහසක් අතර අගයක් ගෙන තිබූ බව රෝහල් අධ්‍යක්ෂවරයා කියයි.
මෙම වසරේ ජනවාරි පළවැනි දින සිට අගෝස්තු දහ වැනි දින දක්වා කාලය තුළ රෝගීහු 4376ක් වාර්තා වෙති. ඉන් රෝගීහු 343 දෙනෙක් මියගොස් සිටිති. ඉකුත් වසරේ රෝහල්ගත වූ ප්‍රමාණයට සාපේක්ෂව මෙය ඉහළ අගයක් බව රෝහල සඳහන් කරයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් පමණක් මෙම පිරිස වාර්තා වී ඇති අතර ප්‍රාදේශීය රෝහල්වලට හෘද රෝගීන් ඇතුළත් වන්නට ඇතැයි වෛද්‍යවරු අනුමාන කරති. පවතින දැඩි උණුසුම හා එම හේතුවෙන් සිදුවන විජලනය, ආහාර රටාවේ දුර්වලතා ව්‍යායාම නොමැතිකම හා විශේෂයෙන් මානසික ආතතිය මෙවැනි රෝග වැඩි වීමට හේතු වනු ඇතැයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.
දැඩි උණුසුමක්, පවතින ආර්ථික අවපාතයත් දුර්වල ආහාර රටාවත් සැලකිල්ලට ගෙන විශේෂයෙන් හදවත් රෝගීන් ආරක්ෂා විය යුතු බවත් ළඟම ඇති රෝහලේ වෛද්‍ය වරයෙකුගෙන් නිසි උපදෙස් ලබා ගත යුතු බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ‘පුර හදවත් රෝගීන් වැඩි වෙලා