IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අපුරේ වැව්වල මල් බද්දට දීලා

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුරයේ වැව්වල නෙළුම් මල් කඩා ගැනීම සදහා ගොවි සංවිධාන එම වැව් පුද්ගලයන්ට බදුදීම සම්බන්ධයෙන් අනුරාධපුර ජනතාව දැඩි ලෙස විරෝධය දක්වති.

මෙම වැව්වල නෙළුම් මල් කඩා ගැනීම සදහා ගොවි සංවිධාන එම වැව් පුද්ගලයන්ට බදුදීම නිසා කිසිදු ගම්වැසියකුට බුදුන් පිදීමට හෝ වෙනත් ආගමික වතාවකට නෙළුම් මලක් කඩා ගැනීම තහනම් වී ඇතැයි කියති.

නෙළුම් මල් කඩා ගැනීම සදහා වැව් බදු ගන්නා පුද්ගලයන් නෙළුම් මල් කඩා තොග වශයෙන් අනුරාධපුර පුජා භුමිය, නුවර දළදා මාලිගය ඇතුළු තවත් ප්‍රදේශවල මල් අලෙවි කරන වෙළෙදුන්ට අධික මිලකට අලෙවි කරති.

මේ නිසා ගම්වාසීන්ට මෙන්ම අනුරාධපුර ශ්‍රී මහ බෝධිය ඇතුළු අටමස්ථානය වැද පුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ට ද අධික මිලක් ගෙවා බුදුන් වැදීම සදහා නෙළුම් මල් මිලදී ගැනීමට සිදුව ඇත.

රුවන්වැලි මහ සෑය ආසන්නයේ දී එක් නෙළුම් මලක් රුපියල් 20 ත් 25 ටත් අලෙවි කරති. නියං සමයේ මල් මිල මීටත් ඉහළ යන බව ද මල් වෙළෙන්දෝ පැවැසූහ.

 



අදහස් (6)

අපුරේ වැව්වල මල් බද්දට දීලා

Lalla Thursday, 25 July 2024 10:21 PM

ගමේ අය ගොවි සංවිධාන කට්ටියට ගස්බැඳ ගහල පන්නල දාන්න. අවශ්‍ය ගමේ එකමුතුව විතරයි.

:       29       3

Lakruwan Friday, 26 July 2024 08:53 AM

රුවන්වැලි සෑය ළඟ කොහෙද මලක් රුපියල් 25 ගානේ තියෙන්නේ .100 ඉඳලා 300 වගේ ගණන් ව්ලාට යන්නේ .පුදුම මාෆියාවක් තියෙන්නේ .මේවානම් මහ අමන වැඩ.පූජා භූමි වල අන්තිම පහත් විදිහට බැතිමතුන් හූරාගෙන කන්නේ

:       57       8

Samantha Friday, 26 July 2024 11:08 AM

කීයට ගත්තා වුණත් පූජා කරන්න වෙන්නෙ තලා පොඩිකර තියෙන මල්නේද ඇත්තටම ඔය මල් අපි තැන්පත් කල විගසම එකතුකර ගෙන යනවා නේ පරවෙලා යනවා දකින්නට බැහැ මම හිතන්නේ මල් පූජාව කියන්නෙ භාවනාවක් කියලා තමයි එම අවස්ථාවේ අපි කියනවා මේ මල් පරවෙලා යනවා වගෙ අපේ ජීවිත විනාශ වෙලා යනවා කියලා මල් මිල වැඩිවුනාම අපේ හිතේ ශ්‍රද්ධාවක් ඇතිවෙන්නෙ නැහැ මල් පූජා කරන්න බැරිවුනොත් සිත අපිරිසිදු වෙලා තවත් අපහසුතාවට පත්වෙනවා එනිසා දුරබැහැර අය හැර අඅනෙක් සැදැහැවතුන් නිවසින් එනවිට මල් ටිකක් ගේනවා නම් හොදයි නේද

:       10       8

සුරංග Friday, 26 July 2024 09:12 AM

ජනතාව මොනවා කිව්වත් වැව් බදුදීම නිසා ගොවි සංවිධාන වලට අමතරව ආදායම් ලැබෙනවා. එයින් ඔවුන්ට වැව් වල ඇළවේලි වල පිරිසිදු කිරීම් කරන්න හෝ කරවන්න වත්කමක් ඇතිවෙනවා .එහෙම වෙනවා නම් බදුදීම කිකිසිම වරදක් නැහැ

:       2       32

Nadeera Friday, 26 July 2024 09:46 AM

මල් පුජාව කියන්නේ නිවන් දකින්න පුලුවන් උතුම් පුජාවක්, ඒවා මේ රු 5ට 10ට කරන්න පුලුවන් ලාභ පූජාවල් නෙවෙයි. හරිනම් මලක් රු 1,000ක් 1,500ක් වත් වෙන්න ඔනී.

:       40       4

ලසන්ත Friday, 26 July 2024 10:59 AM

මහරජවරු වැව් හැදුවා. යුවරජවරු ඒවා පිළිසකර කලා. ප්‍රාදේශීය රජවරු නිසි කලට නඩත්තුකලා. ගොවිරජවරු වැව් වතුරෙන් රටම පෝෂණය කලා. ගොවි සංවිධාන වැව් ගොඩවෙන්න හැරලා මල් ටිකත් බදු දීලා ගානකපා ගත්තා. විප්ලවීය කෘෂි නවෝදය!

:       4       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site