(බී.ජී.චතුරංග)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු, අමානුෂික අයුරින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඝාතකයා සහ ඊට අනුබල දුන් පුද්ගලයෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මැදවච්චියේ විහාර පෙදෙසේ පදිංචි, 27 හැවිරිදි පුද්ගලයෙකු සහ කෝණ කුඹුක්ගොල්ලෑව මැදවච්චියේ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී, ඝාතනය සඳහා භාවිතා කළ පිහියක්, ජංගම දුරකථනයක්, සිම් පතක්, ඝාතනය සිදු කළ අවස්ථාවේදී හැඳ සිටි ඇඳුම් සඟවා තිබීයදී අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන මෙහෙය වූ අතර අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතා යටතේ ක්‍රියාත්මක වන නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයට ගොස් 'සහස්පුර' මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සැඟව සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අප්‍රේල් 26 දා, මැදවච්චියේ නගරාසන්නයේ දී කාන්තාවන් ඇතුළු පුද්ගලයන් පිරිසක්, පුද්ගලයෙකුට පොලු මුගුරු වලින් පහරදීම හේතුවෙන් බර පතළ තුවාල ලැබූ පුද්ගලයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර, මහාචාර්ය ඒකකය සිව් වන මහලේ 66 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඝාතනයට ලක්ව තිබූ බව පොලිසිය කියයි.
තියුණු ආයුධයක් ඇති ඇතිව පසුගිය අප්‍රේල් 28 දා අලුයම 4.30ට පමණ එම වාට්ටුවට ඇතුළු වූ ප්‍රධාන සැකකරු, එම වාට්ටුවේ 39 වන ඇඳේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි, අංක 15 මන්නාරම් පාර, මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි, පී.බී. ඩබ්ලිව්. රුවන් ගීත් විජිත නැමැති, 22 හැවිරිදි පුද්ගලයා අමානුෂික ලෙස ඝාතනය කර, රෝහල් ආරක්ෂක අංශ වලට හසු නොවී පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ‘පුර රෝහලේදී කළ ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි