IMG-LOGO

අ’පුර රෝහලේ විස්මිත සැත්කමක්

(බී.ජී.චතුරංග )

රෝගියෙකු නිර්වින්දනයට ලක් නොකර  අවදියෙන් සිටියදීම එම රෝගියාගේ මොළයේ තිබූ  ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසු ගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින්  සාර්ථකව සිදු කෙරුණි.

සැත්කම සිදු කරන අවස්ථාවේදී රෝගියා විසින් නෙලුම් මලක් සිතුවමට නගන අයුරුද විශේෂත්වයක් විය.

ඔහුගේ වම් මොළයේ ඉදිරි පස, ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හට ගත් ගෙඩියක් මෙලෙස ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වූහ.

මෙරට රජයේ රෝහලක  පළමු වරට  මෙවැනි ශල්‍යකර්මයක් සිදු කරනු ලැබුවේ, 2020 වර්ෂයේදී  අනුරාධපුර ශික්ෂණ රෝහලේදී වන අතර එම වෛද්‍ය කණ්ඩායම විසින්ම සිදු කරන ලද  තෙවැනි සාර්ථක සැත්කම මෙය වේ.

මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූයේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි

ප්‍රතිමා නිර්මාණ ශිල්පී සමන් ජයසිංහ මහතාය. ඔහු ශල්‍යකර්මය අතරතුරදී නෙළුම් මලක් චිත්‍රයට නැගුවේ වෛද්‍යවරුන් කණ්ඩායමද පුදුමයට පත් කරමින්ය.

මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සාමාන්‍යයෙන් සිදු කිරීමේදී රෝගියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනයට ( සිහි මුර්ජා තත්ත්වයට )  පත්කිරීම සිදු කරනු ලබන අතර නමුත් මෙම ශල්‍යකර්මයදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය  නොකෙරුන අතර, වේදනාවක් නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයකින් (under minimal sedation ) පවත්වා ගන්නා ලදි.

මෙහි සුවිශේෂීත්වය නම් ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සමග නිරන්තරයෙන් සන්නිවේදනය කරමින් , ඔහුගේ මතකය පරීක්ෂා කිරීම, දකුණුපස අත , කකුල චලනය කිරීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම මගින් ඔහුගේ මොළයේ වැදගත් , සංවේදී ප්‍රදේශයන් සංරක්ෂණය කරන අතර තුරම ව්‍යාධිජනක කොටස ( ගෙඩිය / tumour ) ඉවත් කිරීමට හැකියාව ලැබීමයි. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය වාට්ටුවට (31) ඇතුළු වන ස්ථානයේ ඇති බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් බිත්තියේ අගනා සිතුවමක් මීට පෙර (රෝගී වීමට ප්‍රථම) සිතුවම ඇත්තේද මෙම රෝගියා විසින් බව මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය පැවසූහ.  

 ශල්‍යකර්මයෙන් පසු රෝගියා කිසිදු සංකූලතාවයකින් තොරව රෝහලින් පිටව ගිය බවද වෛද්‍යවරු මෙහිදී පැවැසූහ.

මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදු කරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස් , වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම් , වෛද්‍ය විශාඛා කර්නර්, වෛද්‍ය තිලාන් හේරත්  ඇතුළු  කණ්ඩායමක් විසින්ය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ "C" ශල්‍යාගාරය, ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට සහ  31 වාට්ටුවේ කාර්ය මණ්ඩල මෙම සැත්කම සාර්ථකව  සිදු කර ගැනීම සඳහා සහයෝගය ලබා දී තිබුණි.

 



අදහස් (4)

අ’පුර රෝහලේ විස්මිත සැත්කමක්

Mohan Mangala Monday, 16 October 2023 04:23 PM

අපිට හොඳ දක්ෂ දොස්තරලා සහ සෞඛ්‍ය ස්ටාෆ් එකක් ඉන්නවා .ඇත්තෙන්ම ආඩම්බරයි

:       1       39

මහසෙන් Monday, 16 October 2023 05:15 PM

ජීවකයින්ගේ දරුවන්... ආඩම්බරනීය සුබපැතුම්...!

:       0       12

සුරංග Monday, 16 October 2023 09:58 PM

ඇත්තටම මෙතරම් දක්ෂ දොස්තර මහත්වරු මහත්මීන් අනුරාධපුර රෝහලේ සිටිද්දී දේශපාලුවෝ සිංගප්පූරු යනවා. සමහර පිරිස් ජාතික රෝහලට යනවා. මෙතරම් සූක්ෂම සැත්කම් කරන්න හැකියාව තියෙද්දි ජැක්සන් මහතා කොළඹට ගෙනාවේ?

:       0       1

ගමේ එකාලා Tuesday, 17 October 2023 08:47 AM

විස්මිත සැත්කම සාර්ථකව කරපු දොස්තර මහත්වරු ඇතුලු සියලුම දෙනාට බොහෝම පින්. අපගේ ප්‍රණාමය පුදකරනවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 669 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 503 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site