IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අ‘පුර රෝහලේ වැඩ කටයුතු හාන්සියි

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර රෝහලේ පවතින වෛද්‍ය හිඟය සහ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය නිසා රෝගීන් මෙන්ම දැනට සේවයේ යෙදී සිටින වෛද්‍යවරු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අද පැවති මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය විය.

මෙම මාධ්‍ය හමුවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටින වෛද්‍යවරු හා තඹුත්තේගම, පදවිය, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, කහටගස්දිගිලිය හා කැකිරාව යන මුලික රෝහල් හයේ සේවයේ නිරත වෛද්‍යවරැ පිරිසක්ද එක්ව සිටියහ.

මෙහිදි අදහස් දැක් වූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ උතුරු මැද පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙසේ කීය.

“අනුරාධපුර රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රැසක ඇත්තේ නැහැ ඒවා හරිම හිඟයි. සායනික රෝගිනට දෙන ඖෂධ වර්ගත් හිඟයි. හෘදයාබාධ හා අධික රැධිර පිඩනයට රෝගින්ට ලබාදෙන සායනික ඖෂධ විශාල වශයෙන් හිඟයි. ඒ වගේම වකුගඩු රෝගින්ට ලබාදෙන කැල්සිපවර් වසරක පමණ කාලයක සිට රෝහලේ නැහැ

ඇදුම වැනි දිර්ඝ කාලින ස්වසන රෝග සදහා ලබාදෙන ඉන්හෙලර් වැනි ඖෂධ වර්ගවල විශාල හිඟයක් තියෙනවා අපස්මාරය රෝගය කියන්නේ භායනක රෝගයක්ඒ සදහා ලබාදෙන ඖෂධ දැන් මාස ගානක සිට ඇත්තේ නැහැ. ශල්‍ය කර්ම සදහා අවශ්‍ය තුවාල සදහා සැරහුම්, ප්ලාස්ටර්, සිලින්ජර්, බෙඩාඩින්, සජීකල් ස්ප්‍රීඩ් වැනි ඖෂධ වර්ග හිගයක් තියෙනවා. මේ නිසා එම ඖෂධ වර්ග පිටතින් මිලදි ගැනිමට රෝගීන්ට සිදුව තිබෙනවා. නිර්වින්දන ඖෂධවලත් හිගයක් වරින්වර පවතිනවා.”

මෙහිහි අදහස් දැක් වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ශෂික විතානගේ මහතා -“අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වසරකට වෛද්‍ය සිසුන් 200 පුහුණු කරනවා. ඒ වගේම පශ්චාත් උපාධිය සදහා වසරකට වෛද්‍යවරු 100 පුහුණු කරනවා. ඒ නිසා මේ රෝහලට විශේෂඥ වෛද්‍යවරුන් සේවය අත්‍යවශ්‍යයි. මේ මානව සම්පත පුහුණු කිරිමේ කාර්ය මිට පෙර හොදින් සිද්ධ වුණා.

“නමුත් පසුගිය කාලයේ විශේෂඥ වෛද්‍යවරු රටහැර යාමේ හේතුව නිසා වෛද්‍යවරු පුහුණු කිරිම කෙසේ වෙතත් රෝහලට පැමිණෙන රෝගින් සදහා මුලික සත්කාරයවත් පවත්වාගත නොහැකිව බරපතල තත්වයකට මුහුණපා තිබෙනවා.

“අනුරාධපුර ශික්ෂණ රෝහලේ 2022 ජනවාරියේ සිට අද දක්වා විශේෂඥ වෛද්‍යවරු 19 දෙනකු රටහැර ගිහින්.මිට අමතරව ශ්‍රේණිධාරි වෛද්‍යවරු 27 දෙනකු රට හැර ගිහින්.තවත් විශේෂඥ වෛද්‍යවරු ගනනාවක් තමන්ගේ විදේශ ගමන් නිවාඩු අයදුම් පත් බාරදි තිබෙනවා. ඒ වගේම තවත් වෛද්‍ය 30 කට ආසන්න ප්‍රමාණයක් රට යාම සදහා අවශ්‍ය සියළු විභාග සමත්ව සුදුසුකම් සපුරා ගෙන නිවාඩු අයදුම් කර තිබෙනවා.”

“මේ කාරණ මේ විදියට තියෙන කොට රජයට මේ දිහා ඇස්කන් පියා ගෙන බලාගෙන ඉන්න පුලුවන්ද. පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රොහලේ සත්කාරක සේවා දැඩි අර්බුදයකට ලක්ව ඇති බවද වෛද්‍ය විතානගේ මහතා මෙහිදි පැවසිය.

හිගයක් තියෙනවා.මේ නිසා මසකට රැපියල් දස දහසක් පහළොස් දහසක මුදලක් රෝගින්ට වැය කිරිමට සිදුව තිබෙනවා.”



අදහස් (2)

අ‘පුර රෝහලේ වැඩ කටයුතු හාන්සියි

Saman Friday, 01 September 2023 05:43 PM

අනුරාධපුරයේ පමණක් නොව රට හැමතැනම රෝහල්වල තත්වය මෙයයි...

:       0       16

Mohan Mapa Friday, 01 September 2023 06:23 PM

අම්මෝ ලෙඩ්ඩුන්ට ආදරය කරන හොඳ දොස්තරලා...

:       9       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site