
(අතුල බණ්ඩාර, උපුල් හේරත් සහ බී.ජී චතුරංග)
හිටිහැටියේ රසායනික පොහොර සැපයීම නතර කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ගයට විරෝධය පළකෙරෙන ගොවි උද්ඝෝෂණයක් අද (05) දහවල් අනුරාධපුර නගරයේදී පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මෙහෙයවීමෙන් අනුරාධපුර නව බස් නැවතුම්පොළ අභියසදී පැවති මෙම උද්ඝෝෂණයට එම සම්මේලනයේ සභාපති,නාමල් කරුණාරත්න, උපසභාපති සුසන්ත කුමාර නවරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ යන මහත්වරුන් සමග ගොවි නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීවුහ.
පොහොර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස්මත ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ගය හේතුවෙන් වගා විනාශවීම නිසා ගොවීන් පත්වසිටින අසීරුතාවය කියා සිටිමින් ,නව බස් නැවතුම්පොළ ඉදිරිපිට පැය භාගයකට ආසන්න කාලයක් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව සටන්පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදුණු පිරිස ,අනතුරුව පෙළපාලියකින් මහා වීදිය ඔස්සේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය අසල ඩී.එස්.සේනානායක වටරවුම දක්වා පැමිණ එතැනදීද උද්ඝෝෂණයේ නිරතවූහ.
ඉන් අනතුරුව සුසන්ත කුමාර නවරත්න ,නාමල් කරුණාරත්න සහ වසන්ත සමරසිංහ යන මහත්වරු උද්ඝෝෂණයට පැමිණි පිරිස ඇමතුහ. ඉන් පසු පිරිස විසිර ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සාගතයක් අත ළඟ.. තනිකරම හිතුවක්කාර වැඩක්.!!! චීන කොම්පෝස්ට් පොහොර දෙනවා කිව්ව පළියට රසායනික පොහොර නතර කරලා අපේ එළවළු, තේ, පොල් වගාවන් විනාශ වුණාම අපි කන්නේ මොනවද? එතකොට චීනා අපේ ජත්‍යන්තර තේ වෙළෙඳපළ අල්ල ගන්නවා. එයින් අපේ විදේශ විනිමය කෝටි ගණන් අපිට අහිමි වීම මොනතරම් අපරාධයක්ද? වැඩක් සාර්ථක වෙන්න නම් ඒ සඳහා වැඩපිළිවෙලක් කාලයක් අරගෙන කළ යුතුයි.. මේ මෝඩ පාලකයින්ට කිසිම ක්‍රමවේදයක් පිළිවෙලක් නැත. එසේ තිබුණි නම් මිනිස්සු පොහොර ඉල්ලා මහා පාරට ඒමට අවශ්‍ය නොවේ. අවසානයේ සිදුවන්නේ රටම අවුලෙන් අවුලට යෑමයි.
මේ වසවිස ඉල්ලන්නේ...