IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අ‘පුර කතක් සයිකල් 12ක් උස්සලා

(උපුල් හේරත්)

අනුරාධපුර නගරයේ වෙළඳසල් ඉදිරිපිට නවතා තිබෙන අගුල් නොදැමූ පා පැදි සොරා ගත්තෙ යැයි කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශය කියයි.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබුයේ පුබුදුපුර අනුරාධපුර පදිංචි අවුරුදු 34 ක් පමණ වයසැති එක් දරු මවකි.

ඉකුත් මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා එම සැකකාර කාන්තාව විසින් සොරා ගත්තේ යැයි කියන පා පැදි 12ක් පමණ පොලිසිය භාරයට ගෙන ඇත .

මෙසේ සොරා ගන්නා ලද පා පැදි නිවසට රැගෙන ගොස් වර්ණවත් කරමින් වෙනත් අයට අලෙවි කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත .

මාස කිහිපයක් මුළුල්ලේ නගරයේ වෙළඳසැල් ඉදිරිපිට මෙසේ සිදුවන පාපැදි සොරකම සම්බන්ධයෙන් අවදියෙන් සිටි පොලිසිය සීසීටීවී දර්ශන ඔස්සේ මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට  ගැනීමට හැකි වූ බව විවිධ පැමිණිලි අංශයේ වැඩ බලන ස්ථානාධිපති වරයා සඳහන් කළේය.

පා පැදි සොරකම සම්බන්ධයෙන් වැඩි දුරටත් සිදු කළ පරීක්ෂණ හමුවේ සොරකමට සම්බන්ධ සැකකාරියගේ පුරුෂයා අන්ත්‍රාදායක මත් ද්‍රව්‍ය භාවිතා කරන්නකු බවට තොරතුරු හෙළිදරව් කරගෙන ඇත.

 



අදහස් (3)

අ‘පුර කතක් සයිකල් 12ක් උස්සලා

sharm warn Friday, 05 August 2022 02:58 PM

හොරාකෑම වැරැදියි. නමුත් ජීවත් වෙන්න අමාරු වෙනකොට මිනිස්සු මෙතැනට වැටෙනවා. තවමත් රටේ ප්‍රශ්න ගැන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.

:       19       7

sharm warnFriday, 05 August 2022 04:50 PM

ආ... කිරෙන් කාලා තෙලෙන් අත හෝදලා... දාහ රුපියටල වියදම් කරන්න පුළුවන් අය 13ක් ඉන්නවා දැනට... තව ඉන්නවද?

:       4       1

උපාසක Friday, 05 August 2022 09:16 PM

දවසක් මම ශ්‍රීමහා බෝධිය වන්දනා කරල කණ්ඩායමේ අනෙකුත් පිරිස සිල් පවාරනය වනතුරුම මලුවේ සිසිල විදිමින් සිටියා.ඒ වෙලාවෙ ආරක්ෂක නිළධාරින් හා තවත් පිරිසක් චීවරධාරිණියක් පෙන්වා ඇය කරනදේ සාකච්ඡා කලා.මට ඇතිවුණේ චීවරය ඇදගෙනත් දෙවැනි සිල් පදයට එහෙම කරනවා නම් අනෙක් අය මොනවා නොකරයිද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 189 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 396 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site