
(උපුල් හේරත්)
අනුරාධපුර නගරයේ වෙළඳසල් ඉදිරිපිට නවතා තිබෙන අගුල් නොදැමූ පා පැදි සොරා ගත්තෙ යැයි කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශය කියයි.
මෙම සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබුයේ පුබුදුපුර අනුරාධපුර පදිංචි අවුරුදු 34 ක් පමණ වයසැති එක් දරු මවකි.
ඉකුත් මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා එම සැකකාර කාන්තාව විසින් සොරා ගත්තේ යැයි කියන පා පැදි 12ක් පමණ පොලිසිය භාරයට ගෙන ඇත .
මෙසේ සොරා ගන්නා ලද පා පැදි නිවසට රැගෙන ගොස් වර්ණවත් කරමින් වෙනත් අයට අලෙවි කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත .
මාස කිහිපයක් මුළුල්ලේ නගරයේ වෙළඳසැල් ඉදිරිපිට මෙසේ සිදුවන පාපැදි සොරකම සම්බන්ධයෙන් අවදියෙන් සිටි පොලිසිය සීසීටීවී දර්ශන ඔස්සේ මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව විවිධ පැමිණිලි අංශයේ වැඩ බලන ස්ථානාධිපති වරයා සඳහන් කළේය.
පා පැදි සොරකම සම්බන්ධයෙන් වැඩි දුරටත් සිදු කළ පරීක්ෂණ හමුවේ සොරකමට සම්බන්ධ සැකකාරියගේ පුරුෂයා අන්ත්‍රාදායක මත් ද්‍රව්‍ය භාවිතා කරන්නකු බවට තොරතුරු හෙළිදරව් කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාකෑම වැරැදියි. නමුත් ජීවත් වෙන්න අමාරු වෙනකොට මිනිස්සු මෙතැනට වැටෙනවා. තවමත් රටේ ප්‍රශ්න ගැන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.
දවසක් මම ශ්‍රීමහා බෝධිය වන්දනා කරල කණ්ඩායමේ අනෙකුත් පිරිස සිල් පවාරනය වනතුරුම මලුවේ සිසිල විදිමින් සිටියා.ඒ වෙලාවෙ ආරක්ෂක නිළධාරින් හා තවත් පිරිසක් චීවරධාරිණියක් පෙන්වා ඇය කරනදේ සාකච්ඡා කලා.මට ඇතිවුණේ චීවරය ඇදගෙනත් දෙවැනි සිල් පදයට එහෙම කරනවා නම් අනෙක් අය මොනවා නොකරයිද කියලා.