IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අපනයනවලින් ලැබෙන ඩොලර් රුපියල් කිරීම ප්‍රායෝගික නෑ

(රන්ජන් කස්තුරි) 

අපනයනවලින් ලැබෙන ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම රුපියල් බවට පරිවර්තනය කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා කරන යෝජනව ප්‍රායෝගික නොවන පදනම් විරහිත ප්‍රකාශයක් යැයි අපනයනකරුවෝ පවසති.

මෙරට බැංකු පද්ධතියෙන් ණයවර ලිපි නිකුත් නොකිරීම සහ ඩොලර් නිකුත් නොකිරීම නිසා අපනයන සමාගම්වලට ඩොලර් යම් ප්‍රමාණයක් විදේශ බැංකුවක රඳවා ගැනීමට සිදුවන බව ද ඔවුහු කියති.

එසේ නොකළහොත් අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයටත්, විදේශ ආයතනවලින් ලබාගත් ණය වාරික ගෙවීමටත් නොහැකි වන බවද අපනයනකරුවෝ පෙන්වා දෙති.

අපනයන සමාගම් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති හා පර්යේෂණ සඳහා ද යම් ඩොලර් ප්‍රතිශතයක් තබාගැනීමට අවශ්‍ය බවද අපනයනකරුවෝ කියති. 

මහ බැංකු අධිපතිවරයාගේ යෝජනාව රත්තරන් බිත්තර ලබාගැනීමට කිකිළියට වෙඩි තැබීමක් බඳු යැයි ඔවුහු පෙන්වා දෙති.



අදහස් (10)

අපනයනවලින් ලැබෙන ඩොලර් රුපියල් කිරීම ප්‍රායෝගික නෑ

Mo77 Wednesday, 03 August 2022 08:33 PM

කබ්රාල්ගේ පළමු කාලේ සිට මොහු තමා මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ඒ කියන්නේ මහ බැංකුවේ දෙවනියා. මහ බැංකුවේ සියලු වංචා දූෂණ ඔහුගේ අනුදැනුමකින් තොරව සිදු වන්න බෑ. ඊපීඑෆ් ඊටීඑෆ් අරමුදල් කොටස් වෙළෙඳපොළ ආයෝජනය පාඩු ලැබීම සම්බන්ධව ඔහුට චෝදනා තියෙනවා. මොහු කිසිම දෙයක් දන්නෙ නෑ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි කරගන්න. මොහුගේ උත්සාහය සම්පූර්ණයෙන් බලහත්කාරයෙන් විදේශ ශ්‍රමිකයන්ගේ හා අපනයනකරුවන්ගේ ඩොලර් රට තුළට ගෙන්වා ගැනීම. නන්දලාල් කියන්නේ ඹස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක් සහ ඔහුගේ පවුලේ උදවිය ඹස්ට්‍රේලියාවේ පුරවැසියන්. මොහු කොපමණ ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවට ඩොලර් ප්‍රේෂණය කරලා තියෙනවද පිළිබඳව පරීක්ෂණයක් කළ යුතුයි.

:       23       62

Helarawa Wednesday, 03 August 2022 09:08 PM

මේ මහ බැංකු අධිපති කුමාර කිසිම ක්‍රමයක් නෑ ඩොලර් වැඩි කරගන්න. ඔහුත් වැඩකරන්නෙ ඒකාධිපතියෙක් විදියට බලහත්කාරයෙන් ඩොලර් වැඩිකර ගන්න හදන්නේ. ඔය රෙගුලාසි අයින් කරලා ඉල්ලුම හා සැපයුම මත ඩොලර් ඒ මිල තීරණය කරන්න ඉඩ දෙන්න. නැත්තං වෙන්නේ ඉදිරියේදී රුපියල සිම්බාබ්බේ ඩොලර් එක ගානට වැටෙනවා.

:       14       37

Helaya Wednesday, 03 August 2022 09:16 PM

මේ මහ බැංකුවේ අධිපතිතුමාට කිසිම වැඩපිළිවෙළක් නෑ, ඩොලර් රට තුළට ගෙන්වා ගැනීමට... එකම උත්සාහය බලහත්කාරයෙන් ඩොලර් ගෙන්වා ගන්න. මොහු විසින් හඳුන්වා දුන්න රෙගුලාසි මගින් විනිමය අනුපාතය පාලනය කිරීම නිසා රටට ඩොලර් එන්නේ නෑ. වහාම ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුම මත විනිමය අනුපාත තීරණය කරන්න. එවිට රට තුළට ඩොලර් ගලාගෙන එනු ඇත.

:       0       0

chandima Wednesday, 03 August 2022 10:08 PM

තේ , රබර්, පොල් කුරුදුවලට මොන අමුද්‍රව්‍යද මහත්තයෝ. ඕවයේ ඩොලර් අනිවාර්යයෙන්ම ලංකාවට ගේන්න ඕන. ලාභය විතරයි ආයොජකයින්ට අයිති. ඇගලුම්වලට 50% විතර තියා ගත්තට කමක් නැ. ලංකාවේ අපනයන ඩොලර් බිලියන 1ක් උනාට රටට ගේන්නේ මිලියන 200යි. 20% යි. ඉතිරි මිලියන 800ම ගේන්නේ නැ. තෙල්වලට රටේම වියදම මිලියන 550යි.

:       33       27

සමන්ත Thursday, 04 August 2022 07:32 AM

අමුද්‍රව්‍ය වචනය විතරද දැක්කේ, පර්යේෂණ කියලා වචනයකුත් තිබ්බා දැක්කේ නැද්ද. මහබැංකු අධිපති දන්නේ බදු වැඩි කරන්න විතරයි, ඩොලර් වැඩි කරන්න ක්‍රමයක් දන්නේ නෑ. මෙහෙම ගියොත් ආයෝජකයන් මේ රටින් යයි. බංගලාදේශයේ දැනටමත් මෙරට ආයෝජකයන් ආයෝජනය කර ඇත. තෙල් ගන්න ඩොලර් වලින් ගෙවන්න කියනවා. අප ආයතනයේ ජෙනරේටරයට අවශ්‍ය ඩීසල් ගන්න ඩොලර් 18,000ක තැන්පතුවක් තිබ්බා. ඊට අමතරව ගන්න තෙල් වලටත් ඩොලර් වලින් ගෙවන්න ඕනේ. ආදායම රුපියල් කලාම කොහොමද මහත්තයෝ මේවා ලංකාව තුල ඉදලාම ගෙවන්නේ.

:       4       14

SanjuThursday, 04 August 2022 08:29 AM

ඔබතුමා කන්නේ බත්ද?

:       0       0

රවි Thursday, 04 August 2022 08:00 AM

ඵපා කියල කරන්න හදන්නෙ ඵන ඩොලර් ටිකත් වෙන රටවල තැන්පත් කරන්න. අනීවාර්යෙන්ම රැපියල් වලට මාරැකල යුතුයි.

:       9       12

Bandula Thursday, 04 August 2022 11:59 AM

Export 100% ශ්‍රී ලංකාවට ඩොලර් එවන්න ඕන මේ වෙලාවේ ඩොලර් නැවැතත් importවලට ලබා දෙන්න ඕන QR system එක දාන්න ඕන එතකොට බලා ගන්න පුළුවන් තියෙන ඩොලර් ටිකත් රටින් ගිහිල්ලා ද කියලා...

:       1       0

සිල්වා Thursday, 04 August 2022 12:14 PM

ඩොලර්වලට රණ්ඩු කිරීමෙන් පලක් නැහැ. කබ්රාල් කෙරෙත් ඒකමයි. ඒකෙන් ඩොලර් ආදායම අඩු වුනා මිස වැඩි වුනේ නෑ. ඩොලර් ආදායම වැඩි කරන්න ප්‍රායෝගික වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සුදුසුයි.

:       0       3

එච්, එල්, aananda Thursday, 04 August 2022 05:31 PM

අපනයය වෙනුවෙන් එවන ඩොලර්, යුරෝ, වොන්, යෙන්, ස්ටර්ලින් පවුන්, වැනි විශේෂිත මුදල් වෙනුවෙන් 100%රුපියල් නයක් 0%පොලියට ලබාදීමෙන් ඩොලර් සංචිත තරවේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site