(ඩයනා උදයංගනී)

පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපෙක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේ දී අපනයන ආදායම සියයට 90ක වර්ධනයක් පෙන්නුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල ලැබෙමින් පවතින බව කී සියඹලාපිටිය මහතා භාණ්ඩ ආනයන සඳහා පැනවූ සීමාවන් හේතුවෙන් මේ වන විට පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසය වන විට ආයනයන වියදම සියයට 25කින් අඩු කර ගැනීමට හැකි වී ඇතැයි ද සඳහන් කළේය.

මෙම වසරේ අගෝස්තු 31 වන විට රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 1232.4ක් වන අතර,  අවම වශයෙන් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 400කින් පමණ ඉහළ නංවා ගැනීමේ අභියෝගය රට හමුවේ පවතින බව ද අමාත්‍යවරයා කීවේය.