
(අංජුල මහික වීරරත්න)
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ෆ්‍රෑන්ක්ෆර්ට් (FRA), ඉන්චිඔන් (ICN), මෙල්බන් (MEL) සහ සිඩ්නි (SYD) යන ගුවන්තොටුපොළ වලදී ගුවන් යානා ඉන්ධන සැපයීමේ දැනට ක්‍රියාත්මක කොන්ත්‍රාත්තු 2024-10-31 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.
එබැවින් වසර 2 ක කාලසීමාවක් සඳහා එකී ගුවන්තොටුපොළ වල යෝග්‍ය සැපයුම්කරුවන් තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ලංසු කැඳවීම සිදු කර ඇති අතර, ඒ සඳහා ගුවන් යානා ඉන්ධන සැපයීමේ සමාගම් 8 කින් ලංසු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව,තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, ගුවන් යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් සිරිපාල... කොන්ත්‍රාත්...
ප්ලේන් එක පිටරටවල් වලට ගියාම එහෙන් තමා තෙල් ගන්න වෙන්නේ..මේවා සාමාන්‍ය ටෙන්ඩර්