IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අපේක්ෂකයන්ගේ ආරක්ෂාවට එස්.ටී.එෆ්

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාර ගන්නා ලබන 15 බ්‍රහස්පතින්දා මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාව යෙදවෙන බව එම කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

මේ අනුව එම කලාපයට පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 1500ක පමණ පිරිසක් යෙදවීමට නියමිතය.

මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අවට ගොඩනැගිලි වලට ගුවන් හමුදා ස්නයිෆර් කණ්ඩායම්ද යෙදවෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා එදින විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

මැතිවරණ කාර්යාලයට පැමිණෙන වාහන වෙනුවෙන් ඒ,බී,සී වශයෙන් බලපත්‍ර තුනක් නිකුත් කෙරෙන අතර අපේක්ෂකයන්ට නිකුත් කෙරෙන්නේ ඒ බලපත්‍රයයි. එම බලපත්‍රයෙන් අපේක්ෂකයාට පමණක් සිය වාහනයෙන්ම මැතිවරණ කාර්යාලයට පැමිණීමට අවස්ථාව ලැබේ.

අපේක්ෂකයා සමග මැතිවරණ කාර්යාලයට පැමිණීමට නාම යෝජනා පත්‍රයට අත්සන් තබන තවත් දෙදෙනෙකුට පමණක් අවසර හිමි වේ.

මැතිවරණ අපේක්ෂකයන්ට මාර්ගයේ තදබදය හේතුවෙන් මැතිවරණ කාර්යාලයට නිසි වේලාවට පැමිණීමට නොහැකි වන්නේ නම් ඒ අයගේ සහායට වෙනම පොලිසිය යතුරුපැදි කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අපේක්ෂකයන් සමග පැමිණෙන ආධාරකරුවන් මැතිවරණ කාර්යාලයෙන් බැහැර ප්‍රදේශ කිහිපයක ස්ථාන වෙන් කෙරේ.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස් ප්‍රධානීන්, හමුදා ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 16 වැනිදා රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

මෙම තීරණ ගෙන ඇත්තේ එම සාකච්ඡාවේදීය.

 



අදහස් (0)

අපේක්ෂකයන්ගේ ආරක්ෂාවට එස්.ටී.එෆ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site