අපේක්ෂා රෝහල තුළදී පරිපාලන නිලධාරීවරයාට තියුණු ආයුධයකින් පහරදුන් සුළු සේවකයා අත්අඩංගුවට
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම අපේක්ෂා රෝහලේ කාර්යාලයකට මාළු කපන විශාල මන්නයක් රැගෙන කඩා වැදී පරිපාලන නිලධාරීවරයාට එයින් පහරදී බරපතල තුවාල සිදු කර පළා ගිය සැකකාර සෞඛ්‍ය කාර්ය සහායකවරයා අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
සැකකරු පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
අසාධාරණ ලෙස තමාව ස්ථාන මාරු කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකළ බව සැකකරු පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පැවසූයයි පොලිස් නිලධාරියෙකු පැවසීය.
සැකකාර සේවකයා මන්නයෙන් පහර දෙන අවස්ථාවේදී කාර්යාලයේ රැඳී සිටි සේවිකාවන් පිරිස අතර සිටි සේවිකාවක් ක්ෂණිකව ක්‍රියාත්මක වී සැකකරු පසු පසින් ගොස් එකවරම බදාගෙන ඔහු මෙල්ල කිරීමට සමත් වීම හේතුවෙන් සිදුවීමට ගිය ජීවිත හානියක් වැළකී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීර සේවිකාවට උසස්වීමක් දෙන්න වටිනවා... මාරු කරයි ද දන්නේ නෑ.
දේශපාලකයින් තමන්ගෙ හෙන්චයියන් වුණු රස්තියාදු කාරයින් , මැරයන් , පාතාලයන් කුඩුු කාරයින් රෝහල්වල විවිධ සේවා සඳහා බඳවා ගැනීමේ විපාක තමයි මේ .