
(ෂේන් සෙනෙවිරත්න)
රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී .
පල්ලේකැලේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ස්ථාපිත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම රොබෝ තාක්ෂණයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වීම විශේෂත්වයකි .
රුපියල් බිලියන 09 ක වියදමෙන් ඉදිකොට ඇති මෙම සේලයින් නිෂ්පාදනාගාරය සේලයින් බෝතල් මිලියන 55 ක වාර්ෂික නිෂ්පාදනය කින් යුක්තය . මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික සේලයින් අවශ්‍යතාවය බෝතල් මිලියන 15 ක් වන අතර දේශීය අවශ්‍යතාවය එම කර්මාන්තශාලාවෙන් සපුරා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ .
දැනට මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන අපනයනය කරන අතර යුරෝපා වෙළෙඳපොළ ජය ගැනීමේ අපේක්ෂාවෙන් කර්මාන්තශාලාව සඳහා යුරෝපා තත්ත්ව සහතිකය ලබා ගැනීමට කළමනාකාරිත්ව සැලසුම් කොට තිබේ .


2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපේ සේලයින් යුරෝපා වෙළෙඳ පොළට
කිරි පුතා Monday, 22 August 2022 11:14 PM
තව බොහෝදේ කළ හැකියි. වැටුණු තැනින් නැගිටින්න මෙවැනි නිෂ්පාදන මිසක් හැමදාම වැඩ වරන රාජ්‍ය සේවයකින්ගෙන් කුමන සහයෝගයක්ද...?
Perera Tuesday, 23 August 2022 12:27 AM
ඉස්සෙල්ලා තත්ව සහතිකේ අරන් ඊට පස්සේ බහාලුම් 3, 4ක් යුරෝපයට පටවලා කියෙව්වා නම් තමයි වටින්නේ..
චින්තක Tuesday, 23 August 2022 06:23 AM
රොබෝ තාක්ෂණය නිසා හොඳයි.. නැත්නම් ඉතින් උද්ඝෝෂණ වර්ජන හා තර්ජන කෙළවරක් නැතුව තියේවි..!
Prase Tuesday, 23 August 2022 09:04 AM
100%ට100% රජය සතු උනොත් ඔකත් රජය සේවකයො හොර කල තව අවුරුදු 2 විනාස කරන්න ව, වෘතීයසමිති පිහිටව ගනි ඊට පස්සෙ හැමදාම පඩි වැඩි කරන්න කියල උත්ගෝශන කරයි, තවත් කරුමයක් රටේ මහ ජනටවට.
omr Tuesday, 23 August 2022 10:39 AM
හොඳයි, නියමයි
Sanath Tuesday, 23 August 2022 11:32 AM
ඕව තමයි කරන්න ඕන. මේකට දායකත්වය දුන්න හැමෝටම පිං
මැක්ස් Tuesday, 23 August 2022 12:32 PM
අපේ මිනිස්සුන්ට ඕනෙ මේවා නෙවෙයි ණය වෙලා හරි අඩු ම්ලට රට්න් ගේන කෑම, වැඩි ම්ලට අරං අඩු මිලට දීලා කට්ටියට ට්‍රිප් යන්න අවස්ථාව දීම වගේ දේවල්. ඒකනෙ ඔය සේලයින් කර්මාන්ත ශාලාව වගේ දේ පටන් ගත්තු නායකයා පන්නලා දැම්මෙ.
විපරමා Tuesday, 23 August 2022 01:55 PM
අපේ රටේ ඕනතරම් දේසීය නිෂ්පාදන දියුණු කරන්ඩ බැරිකමක් නැහැ.දූෂිත දේසපාලුවෝ ඒව කරන්ඩ ඉඩ දුන්නෙත් නැහැ. .අඩුම ගානේ ගොවියට පොහොර ටිකවත් දෙන්ඩ බැරි දූෂිත දේසපාලුවෝ ගැන මොන කතාද.