
(ෂේන් සෙනෙවිරත්න)
රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී .
පල්ලේකැලේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ස්ථාපිත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම රොබෝ තාක්ෂණයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වීම විශේෂත්වයකි .
රුපියල් බිලියන 09 ක වියදමෙන් ඉදිකොට ඇති මෙම සේලයින් නිෂ්පාදනාගාරය සේලයින් බෝතල් මිලියන 55 ක වාර්ෂික නිෂ්පාදනය කින් යුක්තය . මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික සේලයින් අවශ්‍යතාවය බෝතල් මිලියන 15 ක් වන අතර දේශීය අවශ්‍යතාවය එම කර්මාන්තශාලාවෙන් සපුරා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ .
දැනට මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන අපනයනය කරන අතර යුරෝපා වෙළෙඳපොළ ජය ගැනීමේ අපේක්ෂාවෙන් කර්මාන්තශාලාව සඳහා යුරෝපා තත්ත්ව සහතිකය ලබා ගැනීමට කළමනාකාරිත්ව සැලසුම් කොට තිබේ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව බොහෝදේ කළ හැකියි. වැටුණු තැනින් නැගිටින්න මෙවැනි නිෂ්පාදන මිසක් හැමදාම වැඩ වරන රාජ්‍ය සේවයකින්ගෙන් කුමන සහයෝගයක්ද...?
ඉස්සෙල්ලා තත්ව සහතිකේ අරන් ඊට පස්සේ බහාලුම් 3, 4ක් යුරෝපයට පටවලා කියෙව්වා නම් තමයි වටින්නේ..
රොබෝ තාක්ෂණය නිසා හොඳයි.. නැත්නම් ඉතින් උද්ඝෝෂණ වර්ජන හා තර්ජන කෙළවරක් නැතුව තියේවි..!
100%ට100% රජය සතු උනොත් ඔකත් රජය සේවකයො හොර කල තව අවුරුදු 2 විනාස කරන්න ව, වෘතීයසමිති පිහිටව ගනි ඊට පස්සෙ හැමදාම පඩි වැඩි කරන්න කියල උත්ගෝශන කරයි, තවත් කරුමයක් රටේ මහ ජනටවට.
හොඳයි, නියමයි
ඕව තමයි කරන්න ඕන. මේකට දායකත්වය දුන්න හැමෝටම පිං
අපේ මිනිස්සුන්ට ඕනෙ මේවා නෙවෙයි ණය වෙලා හරි අඩු ම්ලට රට්න් ගේන කෑම, වැඩි ම්ලට අරං අඩු මිලට දීලා කට්ටියට ට්‍රිප් යන්න අවස්ථාව දීම වගේ දේවල්. ඒකනෙ ඔය සේලයින් කර්මාන්ත ශාලාව වගේ දේ පටන් ගත්තු නායකයා පන්නලා දැම්මෙ.
අපේ රටේ ඕනතරම් දේසීය නිෂ්පාදන දියුණු කරන්ඩ බැරිකමක් නැහැ.දූෂිත දේසපාලුවෝ ඒව කරන්ඩ ඉඩ දුන්නෙත් නැහැ. .අඩුම ගානේ ගොවියට පොහොර ටිකවත් දෙන්ඩ බැරි දූෂිත දේසපාලුවෝ ගැන මොන කතාද.