
(ආරියරත්න රණබාහු )
ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ කළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද කොළඹදී පැවසුවාය.
කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය උදෙසා පැවති ජනරැළියක් අමතමින් ඒ බව පැවසූ අගමැතිවරයා මෙසේද කිවාය.
අපි මෙච්චර කාලයක් බලාගෙන හිටියේ මේ මොහොත එනතුරුයි. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදලා දෙන්න. අද වෙනකොට මේ රටේ වෙනස් කිරීමේ කාර්යය අපි ආරම්භ කර තිබෙනවා. අපට කිසිම කලබලයක් නෑ. මේ වෙනකොට ඔබලාට පේනවා ඇති සමහර අය කලබල වෙලා එක එක දේවල් කියනවා.
අවුරුදු 75 ක් තිස්සේ, නිහඩව සිටි පිරිසක් කලබල වීමට පටන් අරගෙන. පාස්කු ප්‍රහාරය ගැන වචනයක් නොකියු අය ඒ තොරතුරු දැනගෙන ඒවා වසන් කරාය දැන් අපෙන් ඒ විමර්ශනය පිළිබඳව ප්‍රශ්න කරනවා. එහෙමත් නැත්නම් බඩු මිල වැඩිවීම ඇයි හොරු අල්ලන්නේ නැත්තේවිවිධ කතා කියන්න පටන් අරගෙනවිවිධ ප්‍රශ්න මතු කරන්න පටන් අරගෙන තිබෙනවා.
ඒකට කමක් නෑ ඒ අයට වෙන කරන දෙයක් නැති බව අපි දන්නවාඅපි මේ රටේ බලය ලබාගන්න කටයුතු කළේ සැලසුමක් ඇතිවයිමේ රට හදන්න සැලසුමක් ඇතිවයි ඒ ගැන අපි ජනතාව සමග කතා කළාඇති වී තිබෙන ප්‍රශ්න සැලසුම් සහගතයි විසඳන්න ක්‍රමානුකූලව අපි කටයුතු කරනවා.
අපිට කලබලයක් නෑ සැලසුමක් ඇතුව ක්‍රමානුකූලව අප මේ රට වෙනස් කරනවා. ඒ සඳහා අපට විධායක බලය විතරක් තිබිල මදි පාර්ලිමේන්තු බලයත් අවශ්‍යයි යැයි අගමැතිනිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ නෑ. බොරු කියලාම නෑ. උගන්ඩාවේ හංගපු සල්ලි, පිටරටින් එන ඩොලර් වැස්ස, තව එතකොට පෙට්‍රල් ඩීසල් 150ට දෙන ඒවා ඇත්තම ඇත්ත වෙන්න ඇති නේද? පාලක පච කල්ලියට නම් පුනරුදයක් තමයි...!
අපෝ බලන්න නේ මිනිස්සු කියන කුණු කතා. ජවිපෙ එහෙම බොරු කියලා තියෙනවාද කවදාවත්...? කවුරු බොරු කිව්වත් ජවිපෙ නම් බොරු කියන්නේ නෑ. සත්‍යයේ ප්‍රතිමූර්තිය තමයි ඔයාලා. ඇත්ත දියවෙලා රෙද්ද පල්ලෙන් බේරෙනවා...!
අනේද කියන්නේ. විසිල් විතරයි. බල්ටි නැහැ.
ජේ.වී.පී සහ ජා.ජ.බ ට කඩේ යමින් අනික් ම්නිස්සුන්ට කුනුහරුප කියන ඔක්කොම උන් වහල්ලු බව හොඳින් මතක තබා ගන්න. උන් රාජපක්‍ෂ වහළුන් ගෙන් මොනම ආකාරයකින් වෙනස් වන්නේ නැත. බණ්ඩා
හිතුවට වඩා කලින් පුනුරුදය ඇවිල්ලා කියලා අපිට දැනෙනවා මැතිනියනි
පිස්සෝ කලබල උනාට දොස්තර කලබල නැහැ .ඔයාලා හෙමින් සැරේ කරන්නකෝ මිස් අපිට කිසිම හදිස්සියක් නැහැ .ජීව්ටැහැ වෙන්නේ හරිම සන්තෝෂයෙන්
අපේ රටේ තියෙන්නේ කල දුටු කල වල ඉහගන්න දේශපාලනයක් .ඒවාට ඇහුන්කම් දෙන මෝඩයින් ඉන්නේ බොහොම සුළු පිරිසක් .විරුද්ධ පක්ෂයේ අය කතා කරන්නේ ක්ෂණික නූඩ්ල්ස් වගේ ක්ෂණික පොල් හැදෙනවා වගේ කතාවක්
නව රජයට ජනාධිපතිට සහ අගමැතිනියට උණුසුම් සුභ පැතුම් .චිරන් ජයතු
සැලසුම්? සැලසුම් තබා රටේ ආර්ථික සමාජයීය හෝ ආරක්ෂා තත්වය වත් දැනගෙන බලයට ආපු බවක් අපට පෙනෙන්නේ නැත. නැතිනම් ආරක්ෂක නිලධාරින්ට මෙරට ස්වීඩන් හෝ එවැනි ස්කන්ඩ්නෙවියන් රටක් නොවේ යයි අගමැතිනියට කියා දෙන්නට වන තුරු රට ගැන නොදැන සිටීමට හේතු නැත. ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ වසර නොදැන සිටින්නට නොහැක. බිත්තර මිල අඩු වූ විට 'දැන් හොරා කන්න ඇමතිලා නැත" වැනි මෝඩ කතා කියා නැවතත් මිල ඉහල ගිය පසු කටඋත්තර නැතිව හැංගී සිටින්නට උවමනා නැත. සහල් කිලෝවක මිල නොදැන සිටින්නට නොහැක. උගන්ඩාවට සල්ලි ගෙන ගියේ නැති බව දන්නා බව බලයට පත්වූ පසු කියන්නේ නැත. පාස්කු ප්‍රහාරය සිදු වන විට රාජකාරි කරමින් වගකීම් පැහැර නිලධාරින් තමන්ගේ චන්ද වේදිකාවේ සිටි පමණින් ඉහල ආරක්ෂක තනතුරු දෙන්නේ නැත. එම නිසා බොරුව සහ කටමැත දෙඩවීම් නවතා රටට දුන් පොරොන්දු ඉටු කරන්න.