(අංජුල මහික වීරරත්න)
යහ පාලන කාලයේ සියයට විස්සක් ලෙස තිබූ ශ්‍රී ලංකාවේ වනගහනය වත්මන් ආණ්ඩුව යටතේ 17%ක් දක්වා පහත බැස ඇතැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ වේගයෙන් වනාන්තර වැනසුවොත් රට කාන්තාරයක් වන දිනය වැඩි ඈතක නොවේ යැයි ද සමරසිංහ මහතා සඳහන් කළේය.
"2020 වසරේදී වල් අලි 407 කගේ ජීවිත අලි මිනිස් ගැටුම නිසා හිමි වී තිබෙනවා. මිනිස් ජීවිතත් අහිමි වීතිබෙනවා.අලිමංකඩ බේරා ජනතාව පදිංචි කිරීම ආදී කරුණු ගැන රජය අවධානය යොමු කළ යුතුයි" යනුවෙන් ද සමරසිංහ මහතා පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්වා ඉතින් අපට හොඳට හුරු පුරුදු දේවල්. ජේ.ආර්. එද්දී ඩොලර් 1ක් රුපියල් 5ක්, 6ක් විතර.. යද්දී එකසිය ගණන්.
17% ගණනය කලේ කවුද? යහපාලනයට කලින් සීයට කීයක් තිබුණද? ඒක 20ට බැස්සේ ස්වභාවිකවද? කවුරු කළත් එකයි. මෙයාලා ශුද්ධ වන්තයෝද? දැන් තණකොල ගහෙත් එල්ලෙන්න යනවා. බේරෙන්න.
ඔව්, ඔව්... සර් මේ රට ඩුබායි වගේනේ... දියුණු කරන්න යන්නේ. එතකොට කාන්තාරයක් නැතිව බැහැනේ. තේරුම් ගන්න. ඔලුව තියෙන්නේ ඇමෙරිකාවේ කියලා අමතක කරන්න එපා.