
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
තටු නැතිව තිබූ විගණන පනතට තටු සවි කිරීමට වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ සංශෝධන හරහා හැකියාව ලැබුණු බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"දැනට ආණ්ඩුව කරගෙන යන ක්‍රියා කාරකම් හමුවේ බයවී කකුල් වෙව්ලන විපක්ෂයක කාර්ය භාරය අද අපට දකින්නට ලැබුණා.විපක්ෂය උදේට එන්ජෝයි පැය භාගයක් දාගෙන තියෙනවා.
මේ අනසි ලෙස පාවිච්චි කරන්නේ මහජන කාලය.කලින් පනත යටතේ විගණකාධිපතිට සැලකිය යුතු වගකීමක් පැවරී තිබෙන බවත් අලුත් පනත යටතේ ඒ වගකීම වෙනත් කමිටුවකට දී ඇති බවත් විපක්ෂයෙන් කියැවුණා. පනත හරියට කියවලා එන්නැයි මා විපක්ෂයේ ඒ මන්ත්‍රීතුමාට කියනවා.එදා විගණන පනත සම්මත කරලා තිබුණේ තටු නැතිව .
අද කරන්නේ ඒ තටු ටික සවි කරලා දෙන එක.අධිබාර සමාලෝචන කමිටුව ස්වාධීන කමිටුවක්. ව්‍යවස්ථාදායක සභාව මගින් එය පත් කරනවා.කලින් තිබූ පණත යටතේ චෝදනා ලබන පුද්ගලයාට ගැලවී යාමට හැකියාවක් තියෙන යාන්ත්‍රණයක් තිබුණා. අප දැන් ඒ තත්ත්වය නැති කර තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විපක්ෂයේ උන් ප්රගතිශීලි අණ පනත්වලට විරුද්ධ වෙන්නේ එයාලගේ සිහින රාජ්‍ය ආපු දාක ඕව කරදර වෙන නිසා, මේ මජර ක්‍රමය දිගටම යනවා නම් විපක්ෂය කැමතියි. එයාලට කවදත් මේ රටේ බලයක් ගන්න ලැබෙන්නේ නැහැ. ඔහොම පාර්ලිමේන්තුවේ කෑගගහ ඉන්න තමයි වෙන්නේ.
ජනතා ඡන්ද වැඩකරනවා. පොහොසත් රටකට අප ගෙනයනවා.