
(අංජුල මහික වීරරත්න)
වාර්ෂිකව මෙරට සම්පූර්ණ රුධිර ඒකක 450,000ක් පමණ එකතු කරනු ලබන ජාතික රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල ඉමහත් පිලිගැනීමට සහ ගෞරවයට පාත්‍ර වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ වාර්ෂික අධ්‍යයන සැසිවාරය සහ එම විද්‍යායතනයේ ඉදිරි වර්ෂය සදහා නව සභාපතිවරයා පත් කර ගැනීම වෙනුවෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවැති උත්සව අවස්ථාවට ප්‍රධාන අරාධිතයා ලෙස එක්වෙමිනි.
මෙහි දී රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 12 වන සභාපතිවරයා සහ 2025 වර්ෂය සදහා නව සභාපතිනිය ලෙස රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය ආශා ද අල්විස් මහත්මිය පත් වූ අතර, හිටපු සභාපති රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය ධම්මික සෙනෙවිරත්න මහතා විසින් සභාපති විශේෂ පළදනාව නව සභාපතිනියට පැළැඳීම ද සිදු විය.

2025 නොවැම්බර් මස 04
750
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපේ රුධිර පාරවිලයන සේවය ලෝකෙම ගෞරවයට ලක් වෙලා
සමන් - ඕමානය Wednesday, 09 April 2025 02:26 PM
හුටා, පුනරුදයට මාස 6 යි. කොහොමද අපේ වැඩ කිඩ !
අරවින්ද මොණරවිල Wednesday, 09 April 2025 02:42 PM
පුනරුත්ථාපනයට යවන්න ඕනෑ හාදයෙක් වැරැදිලා ඕමානයට යවලා...
රම්බොඩ Wednesday, 09 April 2025 02:58 PM
අපේ රටේ තරම් ලේ දන්දෙන මිනිසුන් ලෝකයේ කිසිම රටක නෑ. දන්දීම හුරුවුණේ බුදු දහමින්. ඒ උතුම් මිනිසුන් අගය කරන්න ඕනෑ...
පිටරටවැසියා Wednesday, 09 April 2025 03:34 PM
හිටපු එවුන් රටේ ජනතාවගේ ලේ උරා බීපු විදිහට, පාරවිලයනය කරන්න තරම් ලේ ටිකක් තියෙන එකත් ලෝක පුදුමයක්...
ජයසිංහ Wednesday, 09 April 2025 05:21 PM
ජෙවීපී එකේ අය ප්‍රතික්ෂේප කරන, විනාශ කරන්න උත්සාහ කරන බුදු දහම නිසා තමයි ලංකාවේ මිනිස්සු මෙච්චර දන් දෙන්නේ... ඒකවත් පිළිගන්න තරම් ගුණයක් මේ අයට තියෙනවාද දන්නේ නෑ. කුහක කම හැම තැනින්ම බේරෙනවා.
prasanna Thursday, 10 April 2025 04:58 PM
කොහොමද මාස 06 වැඩ සහ කිඩ.