
(කේ බුද්ධික කුමාරසිරි)
"අද වන විට ජනතාවගේ සියලු අයිතීන් නැතිවෙලා. මේ රටේ ජනතාවට මීට වඩා හොඳ තත්වයක් ඇති කළ යුතු බව කියන සත් චේතනාවෙන් තමයි අපි හැමෝම එකතු වෙලා ඉන්නේ. මෙතන ඉන්න හැම දෙනා අපි අතරේම වෙනස්කම් ඇති. නමුත් පොදු අරමුණක් වෙනුවෙන් අපි එකතුවෙලා ඉන්නවා. ඒ නිසා හැමෝම හිතාගන්න අපි දේශපාලන බලය අත්කර ගන්නවා යනු අවසානය නොවේ මේ රට ගොඩනැගීමේ ආරම්භයයි. යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (10) දින හෝමාගමදී පැවසීය.
ගැහැණු අපි එක මිටට වැඩසටහන් මාලාවේ කොළඹ දිස්ත්‍රික් සමුළුව හෝමාගම දී පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා එලෙස පැවසීය.
හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළ අසලදී මෙම සමුළුව පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා - අපි පළමුකොටම අපේ රටේ පොදු ජනතාවගේ ආහාර අයිතිය සහතික කරනවා. කන්න නැතුව හදන එක රටකින් වැඩක් නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා ආර්ථිකය රැලි ගගහා පිමි ගගහා වර්ධනය වෙනවලු. නමුත් ජනතාවට කන්න නෑ. කන්න නැති ආර්ථිකයෙන් ඵලය මොකක්ද අපේ රටේ සාමාන්‍යයෙන් මසකට පරිභෝජනය කරන්නේ හාල් මෙට්‍රික් ටොන් 6500යි. මාසෙකට හාල් මෙට්‍රික් ටටොන් 1195,000යි. අවුරුද්දට හාල් මෙට්‍රික් ටොන් විසි තුන් ලක්ෂ හතලිස් දාහයි. ඒ සඳහා අපට සාමාන්‍යයෙන් වී තොග අවශ්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ තිස්පහයි. අපේ රටේ මහ කන්නෙයි යල යලකන්නේ හෙක්ටයාර් ලක්ෂ දහඅටක් පමණ වගා කරනවා. අපේ රටේ අවශ්‍යතාවයට වැඩි සහල් ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. අතිරික්තයකුත් තියෙනවා. නමුත් ගොවියට සාධාරණ මිලකට වී ටික විකුණ ගන්න බෑ පාරිභෝගිකයාට සාධාරණ මිලකට හාල් ටික ගන්න බෑ. අපේ රටේ වී සහල් වෙළඳපොලේ විකෘතියක් තියෙනවා. අපේ රටේ වී වෙළඳපොලෙත් හාල් වෙළඳපොලෙත් ඒකාධිකාරියක් නිර්මාණය කර තිබෙනවා.ඔවුන් තමයි හැමදේම මිල තීරණය කරන්නේ. ජාතික ජන බලවේග ආණ්ඩුවක් තුළ සහල් ඒකාධිකාරිය අනිවාර්යෙන්ම බිඳ දමනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර සහ කණඩායම් අපිව රවටා රට් වටේම එක්කරගෙන ගොස් කාන්තා අපව අතරමන් කරාවිද යන්නා වූ සැකය සමුළුවට පැමිණ සිටින ඔවුන්ගේ මුහුණු වලින් පෙනේ... පැහැදිලිවේ.
AKD ජයවේවා ,මාලිමාවට ජයවේවා !!!
ජාතික ජනබලවේගය පමණයි එකම විසඳුම. අපේ මුළු ගමම මාලිමාවට !!!
කළු කන්නාඩි දාපු අය පච කෙලිනවා. කෝ ෆොක්ස්වැගන්?
ජය ශ්‍රී!
ප්‍රාදේශීය සහාවක් වත් කරගන්න බැරි වුණාට මොකෝ කයිවාරු නම් එමටයි. හොඳටම කරපු හැටි දැක්කා 87-89 කාලේ නම්...!
මේ දූපත ගොඩ නැගුව හැටි අපි දැකලා තියනවා.හනුමා වගේ ගිනි තිය තිය .අනේ උඹලා වැව් දාහක් කළා අපිට මතකයි නේ .උඹලා ගේ වැඩ කිඩ අපි නොදන්නවා යැ .අනේ මගේ කට .ගෑනු ඉන්නේ ගණිකා වෘර්තිය ගේන නිසා වෙන්න ඇතිනේ
ජනාධිපති කියනවා කුලුබඩු ආනයනය කර අගය එකතුකර ප්‍රති අපනයනයට අවසර දෙනවා කියලා 2015 -2019 කාලයේ ගම්මිරිස් එහෙම කර ලංකාවෙ ගොවීන්ට වගාව එඑපාවෙලා තිබුනා වත්මන් ජනාධිපති කරන්න සූදානම් වැඩෙන් නැවතත් එහෙම වෙන්න පුළුවන් එම කාරණය ගැන ඔබේ ප්‍රතිපත්තිය කුමක්ද අහන්නෙ ජනාධිපතිවරණයේදී රටේ සංවර්ධනය කිරීමේ සැලසුම් තියෙන්නෙ කොතනද කියා විමසීම සදහා බව සලකන්න
රට ගොඩගැනීම කෙසේ වෙතත් රටේ අවසානයයි, ආපහු තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ ඉන්න වෙනවා සත්තයි
රට ගොඩ ගන්නෙ කොහොමද කියල ඒ ගැන විස්තර කරන්න පුලුවන්ද ?රටේ ඉන්න ධනවතුන්ගෙන් ව්‍යාපාරයකින් සුරාකාලාද? එසේ නැත්නම් මහජනතාවන්ගෙන් පිං කැට සොලවලාද? එසේ නැත්නම් ගණිකා වෘත්තිය නීතිගත කරලද?
1982 ඉපදුණ කෙනෙකුගේ දැන් වයස අවුරුදු 42ක්. ඒ කියන්නෙ 1987 දී ඒ ය හිටියෙ හෝඩියෙ පන්තියේ. දැන් ඔය නොදන්න මගුලක් වටා රොක්වෙලා ඉන්නෙ ඒ 87 දී හෝඩියේ හිටිය කිරි සප්පයෝ. 1987 සමයේ බස් ගිනිතියල ට්‍රාන්ස්පෝමර ගිනිතියල තම අන්තවාදී අදහස්වලට විරුද්ධ මවුපියන් දරුවන් ඉදිරියේදීම අමානුෂික ලෙස මරාදමල, රටේ අනාගතයේ වෙනුවෙන් ක්‍රියාත්මක වූ මහවැලි සංවර්ධන ව්‍යාපෘති ඒ කියන්නේ අද ලංකාවටම සහල් සපයන්න හැකි වාතාවරණයක් වෙනුවෙන් එදා ක්‍රියාත්මක වූ විදුලි හා වාරිමාර්ග යෝජනාක්‍රම අඩපන කරල මාස ගනන් රටම අඳුරේ තබල ,ආර්ථික වශයෙන් අවුරුදු ගණනකින් අපේ රට ආපස්සට ගෙනගිය දේශ ද්‍රෝහීන් අද සහල් අතිරික්තයක් ගැන අර 87 කිරිසප්පයන් ට බන දේශනා කරනවා. 87 කිරිසප්පයෙනි ඔබ ඔබ ගැනම ලැජ්ජා වියයුතුමයි.
එකම ගෑනු ටික හැම තැනම .එක මිටයි .මිට ගැන දන්නවද ?AKD එකවත් දන්නේ නැහැ
මේ කිසිම ඵලක් නැති රැස්වීම් වලට නාස්ති කරන කෝටි ගාන අර දුප්පත් මිනිස්සු වෙනුවෙන් කන්න දෙයක් අරන් දෙන්න වැය කරා නම් හෙණ ගහනවාද?
අපෝ ඔව් 71 සහ 89 දි රට ගොඩනැගුවනෙ නේද? වැව් 1000ක් හැදුව. ගොවිජන කාර්‍යාල,ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බ.මේව ලේසි පාසු වැඩ නෙවේ. ලොකුම ප්‍රස්නය GDP එකෙන් 90%වඩා ගත්ත නයවලට පොලී විතරක් ගෙවන රටක් ගොඩගන්න හදන්නෙ කිසිම රැකියාවක් හෝ බිස්නස් එකක් කරල පළපුරුද්දක් නැති උද්ගෝශනය සහ මිනිස්සු ඉස්සරහ කතා පවත්තල විතරක් පුරුදු පිරිසක්.බස් ගිනිතිබ්බෙ,මිනිස්සු මැරුවෙ,අත,කට කැපුවෙ,මරපු මිනිස්සුන්ගෙ මිනිය දණින් පහලට විතරක් ඉස්සිය යුතු බවට නීති දැම්මෙත් ඔය කියන රට ගොඩගන්න හදන මිනිස්සුමයි.
දැක්මක් නැතිව බලය ඉල්ලන් ඔයා අවොත් රට තවත් විනාශයට යන බවනම් සත්තයි.දියසෙන් කුමාරයාට එහා ඔයාලගේ විනාසේ
මූ හැම වෙලාවේම බුලත් විට කාලද ඉන්නේ
ඉල්ලන් කෑමක් කන්න හදන්නේ... ගෑණු ටික එකතුවෙලා ඔය කට්ටියගෙන් 50% වත් මොවුන්ට ඡන්දේ දෙයිද?
ඔය නෙගටිව් කමෙන්ට්ස් දාපු සියලුම මෝඩයින් පට්ටම පට්ට බයියන් බව බුද්ධිමත් ජනතාව හොඳින් වටහාගෙන අවසන්. ඡන්දෙන් පස්සේ බයියෝ කට්ටියටම පිස්සන් කොටුවට ගිහින් බෙහෙත් ගන්න වෙනවා. ජාතික ජනබලවේගය පමණයි රටේ එකම විකල්පය... මාලිමාවට ජයවේවා !!! බුද්ධිමත්, උගත් අවංක රටවැසියන්ගේ එකම තීරණය ජාතික ජනබලවේගයයි...!
දැන් සමහරක් අය කියන්නේ දෙගොල්ලන්ම අවුරුදු 75ක් මාරුවෙන් මාරුවට කළනිසා අලුත්ම කට්ටියකට දීලා බලනවා කියලා... ඇත්තටම 1965 ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුග්‍රහයෙන් ආරම්භ කළ ජනතා විපත්ති පෙරමුණ 1971 අප්‍රේල් 05 සිට විවිධාකාරයෙන් රටේ සංවර්ධනය උපරිමයෙන් කළා දෙවනුව 1987-1989 අවසානය දක්වා හොඳින්ම පාලනය කළා 1994 න් පස්සේ හැමදාම අනියම් ආකාරයට රටේ පාලනය ගෙනයනවා. අලුත්ම කට්ටියකට දීලා බලනවා කියන උන්දැලාට මොළයක් කියනදේ ගෑවිලාවත් තියෙනවා නම් පසුගිය කාලයේ ගුරු වර්ජනය මෙහෙයවා දරුවන්ට අධ්‍යාපනය අඩාල කිරීම සතියකට වරක් දෙවරක් රෝහල් වර්ජනය කර රෝගීන් අපහසුතාවට පත්කිරීම ගැන සිතීමට හැකියාව ඇතිවෙන්න ඕනෑ. සෑම වර්ජනයක්ම මෙහෙයවීම කලේ මාලිමාව සම්බන්ධ වෙලා නිසා ඔවුන් (නීත්‍යානුකූලව නැතත්) රටේ පාලනය ත්‍රස්තවාදී ක්‍රමයට හෝ කලේ නැහැ කියන්නේ කොහොමද?