IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘අපි තමයි හොඳටම කළේ’ කියන අයට ඇත්තට මුහුණ දෙන්න වෙයි

(යොහාන් භාසුර)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන විට ඇතිවන තත්වයන්වලට මුහුණ දෙන්න සූදානම් විය යුතු බවත් අපි තමයි හොඳටම කරමින් ඉන්නේ කියන අයට ඇත්තට මුහුණ දෙන්න වෙලාව වැඩි ඈතක නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‘කෝප්’ කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

ආණ්ඩුව, පොදුජන පෙරමුණේ පරමාර්ථවලින් බැහැර වන්නේ නම් ගැටුමක් ඇතිවීමට ඉඩ ඇතැයි ද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කීය.

කිසියම් කෙනෙක් කියනවා නම් රටට ඉතාමත් හොඳ තත්වයක තියෙනවා කියලා එසේ කිවහැක්කේ ආණ්ඩුව තවම ණය ගෙවීම ආරම්භ කර නොමැතිවීම නිසා බවත් ණය ගෙවීම ආරම්භ කළ පසු ඇතිවන තත්වයට රට මුහුණ දිය යුතු බවත් ඒ මහතා කීය.

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රජය සමඟ ඇති බැදීම රාජ්‍යය ආරක්‍ෂා කරගැනීමේ කොන්දේසි විරහිත බැදීමක් පමණක් බවත් රජය පොදුජන පෙරමුණේ පරමාර්ථවලින් එළියට යන්නේ නම් සමහර විට රජයත් සමඟ ගැටෙන්න සිදුවන බවත් ඒ මහතා කීය.

පොදුජන පෙරමුණ පක්‍ෂයේ පරමාර්ථ සමඟ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැටෙන්නේ නම් ගැටීමට සිදුවිය හැකි බව කී රංජිත් බණ්ඩාර මහතා ආණ්ඩුව රාජ්‍යය ආරක්‍ෂා කරනවා මෙන්ම මේ රටේ අතිමහත් බහුතරයක් ජනතාවගේ ඕනෑ එපාකම් වෙනුවෙනුත් කටයුතු කිරීමට සිදුවන බව ද සඳහන් කළේය. 



අදහස් (3)

‘අපි තමයි හොඳටම කළේ’ කියන අයට ඇත්තට මුහුණ දෙන්න වෙයි

Kumara Friday, 15 September 2023 01:00 PM

අපිට කියන්න එපා... අනිත් අයට කියන්න.

:       1       16

Lalla Friday, 15 September 2023 05:21 PM

කවුද පසුගිය කාලයේ හොඳටම කළේ කියලා තමන්ට තේරෙනවා ඇති නේද...? නමට හරි මහැදුරෙක්නේ...!

:       1       7

සල්ලි Saturday, 16 September 2023 07:27 AM

කවුරු කවුරුත් හොඳට කොලා. 2022 අගෝස්තුවේදී පා. ම ලාගේ පඩි වැඩිකළා.. කියන්නේ බොරුවක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site