(මුදිතා දයානන්ද)
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම සුදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් තිදෙනාම එයට සහය දීම ස්ථිර බව ද එහෙත් අනෙකුත් පක්ෂවල නියෝජිතයන් ගැන තමන්ට සහතික විය නොහැකි බවද කීය.
විශ්වාස භංගයට පක්ෂව ලැබෙන ඡන්ද ප්‍රමාණය ගැන ස්ථිර අදහසක් පැවසිය නොහැකි බවද ඔහු පැවසීය.
මුදල්වලට තනතුර වරදාන වරප්‍රසාදවලට පිල් මාරුකරන ස්ථාවරයන් වෙනස් කරන මහජන නියෝජිතයන් ගැන සහතික වීම මෝඩකමක් යැයිද ඔහු පැවසීය. එහෙත් මේ පාලකයන් ගෙදර යැවිය යුතුය යන ස්ථාවරයේ තම පක්ෂය සිටින නිසා තමන්ගේ කණ්ඩායම එයට සහය දිමට තීරණ්‍ය කළ බවද එය ස්ථිරවම සිදුවන බවද ඔහු පැවසීය.
විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජය කළද එය විසුරුවා හැරිමේ බලය තිබෙන්නේ ජනාධිපතිට බැවින් ඔහු ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද නිශ්චිත බවක් නැති බවද ඔහු බලයේ සිටියදි පිහිටුවන සර්වපාක්ෂික හෝ සභාග හෝ අන්තර්කාලීන හෝ කුමන ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවද එය තවත් මිරිගුවක් පමණක් බවද දිසානායක මහතා පැවසීය.
පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි විශ්වාසභංගයට මන්ත්‍රීවරු එකසිය විස්සක් සහය දෙන බව සත්‍යයක් දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු මන්ත්‍රීවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය සාක්කුවට ජරාව වැටෙනවා නම් ඕන දේකට අත උස්සාවි. ජාතියේ සහ මව්බිමේ පාපයට උපන් මිනිස්සු තමයි.
ඕනෑම ආණ්ඩුවකට විරුද්ධ වීම, ඕනෑම දේකට විරුද්ධ වීම, වැඩ වර්ජන ඇති කිරීම, විශ්වාස භංග සඳහා අත් එසවීම, කෙස් පැළෙන තර්ක ගෙනඒම, තරුණ ජනතාව ගොනාට ඇන්දවීම, කප්පරක් බොරු කීම වැනි දේවල් ඇරෙන්නට මේ ඇත්තන් රටට කරපු වෙන දෙයක් වේද?
මේ රටේ විනාශයට ප්‍රධාන පක්ෂ දෙක හා සමානව මොවුන් ද වගකිව යුතුයි.
ඔයගොල්ලෝ ඉතින් කවදත් උස්සන්න දක්ෂයෝනේ... වතාවක් ලිවුමක් උස්සන් දිව්වේ පාර්ලිමේන්තුවේ. මහත්තයෝ ඡන්දෙ තියන්න තියා, මිනිස්සුන්ට පාන් කියාගන්නත් බැහැ. පුළුවන් නම් 225 ඔලු මාරුකරලා ඒ කට්ටිය අයින් කරලා බලේ අරගෙන, එකතුවෙලා රට බේරගන්න වැඩක් කරලා පෙන්නන්න.
කුහකයෝ .කැම්පස් උන්ගේ මොළ කන උන්
අත් කකුල් ඔක්කොම ඉස්සුවත් මුලු එකතුව 06 යි....අනේ පව්..
යහපාලන ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ආ වෙලාවේ මුන්දල කර ඇරිය හැටි මතක් උනා.
අත උස්සන්න එපා.... සුපුරුදු පරිදි පිටිපස්ස ගාතේ, එක කකුලක් උස්සන්න.
69 ලක්ෂයේ වහල්ලු තාමත් සර්ට කඩේයනවා. රට මේ තත්වයට වට්ටපු අයටනම් හෙණම වදිනවා.