(විමුක්ති එස් රුද්‍රිගු)
ආසියාවේ රසවත්ම වීථි ආහාර 50 අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ අච්චාරු සහ ආප්ප සමත් වූ බව සී.එන්.එන් පුවත් සේවය ප්‍රකාශ කළේය.
දේශීය කුළු බඩු, මිරිස්, කහ, සීනි සහ ලුණු සමග පදම් කර ඇති දිව්‍ය රසයක් ඇති කලාපයෙන් කලාපයට සහ සෘතුවෙන් සෘතුවට වෙනස් වන ශ්‍රී ලංකා අච්චාරු කදිම වීදි ආහාරයක් බව සී.එන්.එන් ට්‍රැවල් පවසයි.එය වෙරළු, දිවුල්, අන්නාසි, ඇඹරැල්ලා, අඹ, කොස් හෝ වම්බටු විය හැකි බව සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දෙයි.
එසේම ආප්ප උදෑසන ආහාරයක් ලෙස කදිම බව සී.එන්.එන් පුවත් සේවය පවසයි.ප්ලේන් ආප්ප සහ බිත්තර ආප්ප සාමාන්‍යයෙන් චට්නි, පොල් සම්බල් සහ බොහෝ ව්‍යංජන වර්ග සමඟ ආහාරයට කදිම බව සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපේ ආප්ප - අච්චාරු ලෝකෙටම රහ වැටේ
මැක්ස් Sunday, 23 October 2022 01:40 PM
ලංකාව දෙකේ කොලේට දාලා, එල්ටීටීය නග්ගලා, මානව හිමිකම් අරක මේක නෑ කියලා, කන්න බොන්න නෑ කියලා, මේක චෞර රාජ්‍යයක් කියලා ලියලා මිසක් ඕවා ගැන පොත් ලියලා නං බුකර් ගන්නවා බොරු..!
DasaMonday, 24 October 2022 04:17 AM
පොත් ලිව්වේ නැත්නම් ලංකාව දෙකේ කොලේට වැටිලා ඉවරයි මචං.
ganegoda Sunday, 23 October 2022 04:53 PM
අපේ රටේ ආප්පවලට ආණ්ඩුව පෙරළන්නත් පුළුවන්ලු..! ලංකාවේ ආප්ප..!
නිහාල් Sunday, 23 October 2022 08:43 PM
ආප්ප අපේ ආහාරය නෙවෙයි. ආප්පම් ලෙස හදුන්වන එය දකුණු ඉන්දීය ආහාරයක්
gamsaba Monday, 24 October 2022 01:27 PM
අදහන දෙවියන් බුදුන් පවා ඇවිත් තියෙන්නෙ ඉන්දියාවෙන් නේද ?
arschfikaa Monday, 24 October 2022 12:54 AM
CNN එකට පෙන්නන්න ඉස්සරවෙලා ලන්කාවෙ ඉන්න දුප්පත් අයට උදේට ආප්පයක් සම්බොල එක්ක කන්නදීල පිනක් දහමක් හදාගනිල්ල.
leckmichMonday, 24 October 2022 02:50 PM
එකනම් ඇත්ත .. තාමත් ආප්පයක් නොදැකපු අයනම් එමටයි ..
බද්රානි Monday, 24 October 2022 01:06 AM
අනේ ඉතින් ඕක ඇමරිකාවේ CNN හෝ එංගලන්තේ BBC වලින් අමුතුවෙන් කියන්න ඕනා නැහැ. අපේ ඈයෝ ඔය රටවලදී උදේට කන්නෙම ඉඳි ආප්ප හෝ ආප්ප වර්ග වගේ පිටි ගුලියක් තමයි. වසරකට ඇතිවෙන්න ලංකාවෙන් රැගෙන යන කරෝල හාල් මැස්සන් බහුලව අනුභව කරන ඔවුන් දිවා හා රාත්‍රී ආහාරයට කෙහෙල් මුව, මුරුංගා, කීර, කන්කුන් වැනි එළවලු ආහාරයට ගැනීම සාමාන්‍ය දෙයක්. ලංකාවට පැමිණි විට චීස්, හැම්, බේකන් වැනි දේ ආහාරයට ගැනීම නම් සුලභයි. හැබැයි ඉතින් ලංකාවට ආවාම, ආප්ප ගැන අහලාවත් නැති අපේ ලෝකල් සිංහල සුද්දන් කොළඹ ආර්කෙඩ් නිදහස් චතුරශ්‍රයේදී "හොපර්ස් පිකල් හා සම්බල් සමග" ඉතා අධික මුදලට අනුභව කිරීම නම් හරිම සුන්දරයි ඒ වගේම කාලෝචිතයි. ලෝකල් අපි නොදන්නා ඕක ගැන වෙන්න ඇති ජාත්‍යන්තර මාධ්‍ය මේ කියල තියෙන්නේ. කාටද ආඩම්බර!!