(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (Multi-Model Hub)  මූලික අදියර නිම කර ජනතා අයිතියට පත් කිරීම වෙළද,වාණිජ,ආහාර සුරක්ෂිත හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පුණ්‍ය භූමිය වෙත පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව මෙන්ම නගරයේ පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීම සඳහා 'Touch & Go' ක්‍රමය යටතේ මගීන්ට වෙන්වූ පරිශ්‍රයක 28 දින සිට ක්‍රියාත්මක වේ.

ආරම්භක අවස්ථාවේදී රුපියල් මිලියන 1,100කට ඇස්තමේන්තු කර තිබූ මෙම ව්‍යාපෘතිය, පසුව ඇති වූ ප්‍රමාදයන් හේතුවෙන් රුපියල් මිලියන 2,400ක් දක්වා පිරිවැය ඉහළ ගොස් තිබුණි. කෙසේ වෙතත්, වත්මන් රජය මැදිහත්ව වියදම් සංශෝධනය කරමින් ජනතා මුදල් සුරක්ෂිත වන පරිදි මෙහි වැඩකටයුතු කඩිනම් වෙළද,වාණිජ,කිරීමට පියවර ගන්නා ලදී.

උපදේශක ආයතන හා කොන්ත්‍රාත්කරුවන් සමඟ සිදුකළ සාකච්ඡාවලට අනුව එළඹෙන සැප්තැම්බර් මාසය වන විට මෙහි සමස්ත ව්‍යාපෘතියම සම්පූර්ණයෙන් නිම කර මහජනතාවට භාරදීමට නියමිතය.

පසුගිය රාජ්‍ය සමයේ මූල්‍ය ප්‍රතිපාදන හිඟකම හේතුවෙන් අතරමඟ ඇනහිට තිබූ මෙහි වැඩකටයුතු වත්මන් රජයේ මැදිහත්වීම මත කඩිනම් කළේය.