
(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රංශයේ සහ සෞදී අරාබියේ සිදුවූ ගුවන් යානා අනතුරු දෙකකින් 25ක් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සෞදි ඇරම්කො සමාගමට අයත් හෙළිකොප්ටර් යානයක් පෙරේදා(28) රාස් තනුරාහිදී අනතුරට ලක්ව ඇති අතර එම අනතුරෙන් එහි ගමන් ගත් සියලු දෙනා මරණයට පත්ව ඇත.
අනතුර ඊයේ (28) පෙරවරු 6 ට පමණ සිදුව ඇති අතර හෙළිකොප්ටර් යානය කඩා වැටෙන අවස්ථාවේ 14ක් එහි ගමන් කර තිබේ.
යානය ගමන්ගත් සියලු දෙනා ඇරම්කො සමාගමේ සේවය කළ අය බවත් ඔවුන් සියලු දෙනා සෞදි ජාතිකයන් බවත් පැවැසෙයි. හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද සෞදි බලධාරීහු ප්‍රකාශ කළහ.
ඊසානදිග ප්‍රංශයේ ටොම්බ්ලේන් නගරයේ දී ස්කයිඩයිවිං චාරිකාවක් සඳහා පුද්ගලයින් රැගෙන ගිය ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 ක් මියගිය බව ප්‍රංශ බලධාරීහු පැවැසූහ. ගුවන් අනතුර ඊයේ(28) පෙරවරු 11 ට පමණ සිදුව ඇත.
ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ නියමුවා සමග ස්කයිඩයිවිං ක්‍රීඩාවේ යෙදෙන 5ක් සහ උපදේශකයන් 5ක් එහි ගමන් කර තිබේ. ගුවන් අනතුර තාක්ෂණික දෝෂයක් නිසා සිදුවූවා දැයි සොයා බැලීමට විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද ප්‍රංශ බලධාරීහු ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd