
(රොමේෂ් මධුෂංඛ)
යාපනය කරෙයිනගර් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
ඉන්දීය ධීවරයින් විසින් කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරය ආසන්නයේ වූ මුහුදු සීමාවට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මුහුදු සීමාවේ සෝදිසි මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදී අදාල ඉන්දීය ධීවර යාත්‍රා නිරීක්ෂණය වී මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති.
ඉන්දීය ධීවරයින් සමග ධීවර යාත්‍රාව සමගින් ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමගින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන කන්කසන්තුරෙයි නාවික වරාය වෙතට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනවසරයෙන් මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 12ක් අල්ලයි