
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කිසිදු නිත්‍යනුකුල බලපත්‍රයක් නොමැතිව කන්දකුලියෙ සිට ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කරමින් සිටි බූරුවන් හය දෙනෙකු ලොරි රථවල රියදුරන් දෙදෙනාද සමගින් අත් අඩංගුවට ගැනිමට අද(26) නොරෝච්චෝල පොලිසියෙ රථවාහන අංශ නිළධාරීන් සමත්ව තිබුණි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කන්දකුලිය ප්‍රදේශයෙ පදිංචි ලොරි රථ රියදුරන් දෙදෙනෙකු බව කියයි.
මෙම බූරුවන් කල්පිටිය ප්‍රදේශීය ලේකම්ගේ නිසි අවසරයකින් තොරව අදාල ප්‍රදේශයෙ සිට වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම නීති විරෝධි වන අතර ඒ සදහා ප්‍රවාහනය කරන්නේ නම් අදාල නීත්‍යානුකුල අවසර පත්‍රයක් ලබා ගෙන තිබිම අනිවාර්ය ය කරුණකි.
කෙසේ නමුත් ඇතැම් පිරිස් මෙම සතුන් පොල් ඉඩම් වල කුරුමින්යින් මර්ධනයට යැයි පවසමින් අදාල අවසර ලබා ගැනිමේන් පසු රැගෙන යාම සිදුවෙන බව කියයි.
අද අලුයම කන්දකුලිය ප්‍රදේශයෙ සිට රහසේ මෙලෙස බූරුවන් ප්‍රවාහනය කරමින් ඇති බව කන්දකුලිය ගම්වාසින්ට ලැබුන තොරතුරක් මත කල්පිටිය සහකාර පොලිස් අධිකාරිවරයාට ලැබුණ තොරතුරක් මත නොරෝච්චෝල පොලිසිට දැනුම් දීමේන් පසු නාරක්කල්ලිය ප්‍රදේශයෙදී අත් සැකකරුවන් සමග බූරුවන් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදි පවසා ඇත්තේ මෙම බූරුවන් බඩල්ගම ප්‍රදේශයේ පොල් ඉඩමකට රැගෙන යන බවයි. නමුත් ඒ සදහා කල්පිටිය ප්‍රදේශීය ලේකම්වරයාගෙ නිත්‍යනුකුල අවසරයක් නොමැති විම හේතුවෙන් අත් අඩංගුවට ගැනිම සිදුවු බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවෙ රියදුරු මහත්වරු පොල් වතුවලට අරන් යන්නේ ඇයි?
මරු ! වටගලගේ බුරුවා, පැලවත්තේ කාර්යාලයට සෙනවිරත්න, භද්‍රානි වගේ බුරුවන් ලියාපදිංචියට ගෙනියද්දි අහුවෙලා වගේ !
කවුද ගෙනිහින් තියෙන්නේ වටගලද ?
වි නායකතුමාව අවසවරයෙන් ගෙනියන්නෙ ඇයි... කවුද අනිත් එකා.. ජොලි සීයාද?
කවුද මේ මාලිමාවුන් මසට ගෙනියපු වීරයා...?
මෙම අහිංසකයින් ගෙනියන්නේ මසට විය හැකියි. හරක් මස්වලට කලවම් කිරීමට...
සජබේ නැත්නම් පොහොට්ටුවේ රැස්වීමකට එක්ක යන්න වෙන්න ඇති.
මට සුනිල් මහත්තයාව මතක් වුණා.
පාර්ලිමේන්තුවේ 02 සහ 03 හිටියා පරණ සෙට් එකෙන්