(ගයාන් සුරියආරච්චි)

කොස්ගොඩ දූමමෝදර පස්මංහන්දිය ප්‍රදේශයේ කුඹුර ආරක්ෂාව සදහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී පුද්ලයකු   මියගොස් ඇතැයි කොස්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 39 ක කිරිමැටිහක්ත, පස්මංහන්දිය ප්‍ර දේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

මෘත ශරීරය සම්බන්ධ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය බලපිටිය රෝහලට රැගෙන ගොස් තිබේ.

කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.