IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


අනුලාදේවි චෛත්‍යයේ කැනීම් බලන්න සංස්කෘතික ඇමැති යයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කැනීම් ආරම්භ කළ මිහින්තලේ අනුලා දේවී චෛත්‍යයෙහි මේ වන විට සිදු කර තිබෙන කැනීම් කටයුතු පිළිබඳව සොයා බැලීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කටයුතු කළේ ය.

අනුලා දේවී චෛත්‍යයෙහි කැනීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා එහිදී සොයා බැලීය.

අපේ රටේ ප්‍රථම භික්ෂුණීන් වහන්සේ වන අනුලා දේවිය ඇතුළු රහත් මෙහෙණින් වහන්සේලා මිහින්තලේ පිහිටි අනුලාදේවි චෛත්‍ය පිහිටි භූමියෙහි වැඩවාසය කළ බවට සැලකෙන අතර. ක්‍රි.පූ.02 සියවසේදී පමණ විහාර මහා දේවිය විසින් මෙම ස්ථානයේ විහාර ආරාම ඉදිකර පූජා කර තිබූ බවට සාධක දක්නට ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති .

අනුරාධපුර මුල් භාගයට අයත් ස්ථූපයක නටබුන්, මැටි බදුන් කොටස් , ගොඩනැගිලි අවශේෂ කොටස් ඇතුළු පුරාවිද්‍යා වස්තූන් මේ වන විට සොයා ගෙන තිබේ.

දිගු කලක් මුළුල්ලේ නිසි අවධානයක් නොමැතිව කෑලෑවට ගොස්තිබූ මෙම  ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීම හා මංගල ශිලා ප්‍රතිස්ථාපනය 2021 දෙසැම්බර් 26 වැනි දින මිහින්තලා රාජමහාවිහාරාධිපති හා භාරකාර වලවාහැංගුණුවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් තායිවානයේ ප්‍රධාන සංඝනායක, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති බෝදාගම චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දායකත්වයෙන් මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

 



අදහස් (3)

අනුලාදේවි චෛත්‍යයේ කැනීම් බලන්න සංස්කෘතික ඇමැති යයි

දාස Thursday, 16 June 2022 03:37 PM

මේ මනුස්සය කොච්චර තෙල් නාස්ති කලාදමේ ගමනට , මේ වෙලාවෙ තෙල් පොලිම්වල මිනිස්සු දුක් විදිනව, ප්‍රතිපත්තියක් තියෙන මිනිසෙක් නෙමෙයි.

:       11       11

Jagath Thursday, 16 June 2022 04:16 PM

මහජන මුදල් හා ඉන්ධන නාස්ති කරන්න එපා...

:       5       7

BamunuarachchiSaturday, 18 June 2022 04:26 PM

ජෙප්පන්ට, ආගමක්, ජාතියක්, සංස්කෘතියක් නැති බව අපි දන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 231 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 232 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site