IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අනුලා දේවි චෛත්‍යෙය් කැනීම් වෙනත් පාර්ශවයකට දීලා

(ෂේන් සෙනෙවිරත්න)

මිහින්තලේ අනුලා සෑයේ කැනීම් කටයුතු සිදුකිරීම සඳහා මල්වතු මහනාහිමියන් දැනුවත් නොකර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  වෙනත් පාර්ශවයක් සමග ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් මිහින්තලා රජ රජමහා විහාරාධිපති  වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ දැඩි විරෝධයක් එල්ල කරති.

අනුලා තෙරණියන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට මීට වසර දෙදහසකටත් පෙර ඉදිකොට ඇති අනුලා මහා සෑයේ සිදුකෙරෙන එම කැණීම් කටයුතු සම්බන්ධයෙන් වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන්  මල්වතු මහනාහිමියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මල්වතු මහනාහිමියන්  කැඳවා තිබූ අතර එම අවස්ථාවට මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ ද සහභාගිවී සිටියහ .

එහිදී  වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනය සමඟ ගිවිසුමකට එළැඹෙමින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති බවත් එම සංරක්ෂණ කටයුතුවලට මුදල් ලැබෙන්නේ කෙසේදැයි කිසිවකුත් නොදන්නා බවත් දැනට රුපියල් කෝටි 30ක් පමණ මුදලක් වැය වී ඇතැයි කියති.

එතරම් මුදලක් එම වැඩකටයුතු සඳහා වැය වී නොමැති බවට පැහැදිලිව පෙනෙන බව පැවසූ උන්වහන්සේ මුදල් සම්බන්ධයෙන් කිසිදු විගණනයක් ද සිදුව නොමැති බවද පැවසීය .

ඒ හේතුවෙන් මහනායක හිමිපාණන් වහන්සේ  ජනාධිපතිවරයාට හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට දැනුම් දුන් බවද පැවසීය .

සුදු ජාතිකයන්  පනත් සකසා පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාදී තිබුණ ද එහි වැඩ කටයුතු ශාසනික සම්ප්‍රදායට අයත් කාර්ය පටිපාටිය අනුව සිදු විය යුතු බවද මිහින්තලා නාහිමියෝ පැවසීය .

එහිදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පවසා සිටියේ පුරාවිද්‍යා රක්ෂිත භූමියක් වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරාදීමේ හැකියාවක් නොමැති බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එවැනි බලයක් ද නොමැති බවයි .

 



අදහස් (0)

අනුලා දේවි චෛත්‍යෙය් කැනීම් වෙනත් පාර්ශවයකට දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site