
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් පහළොවක් 2010 වර්ෂයේ සිට මේ දක්වා ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
මෙම පාසල් වැසී ගොස් ඇත්තේ ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක් නොමැති වීම හේතුවෙන් බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වැසී ගිය සමහර පාසල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ශිෂ්‍ය බට බලකාය වැනි ආයතන වලට පවරා ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙම පාසල් පොකුරු පාසල් ක්‍රමය යටතේ නැවත විවෘත කිරීමට ඇති හැකියාව ගැන සලකා බලාගෙන යන බවද ප්‍රකාශ කළේය.
ඇතැම් පන්ති කාමර පෙර පාසල් සඳහා ලබාදීමට පියවර ගෙන ඇතැයිද සුසිල් ප්‍රේම ජයන්ත මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති තුමෝ අවුරුදු ගණනාවක් තිස්සේ ඔහෙලාම නේද ඔය අධ්‍යාපනය බාරව කටයුතු කලේ. ඉතින් තවත් ඉස්සරහට ඔහෙලට රට බාර දෙන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩයෝ වෙනවා කියලා හිතනවද?
පාසල් වැහෙන්න හේතු රාශියක් තියෙනවා එකක් වර්තමානයේ ළමා ජනගහන වසර 20කට තිබ්බ ජනගහනයෙන් 30-40% අඩු වෙලා. අනිත් එක දෙමව්පියන් බලන්නේ ජාතික පාසල් නැත්තං ජනප්‍රිය පාසල් වලට ළමයි දාන එක. මොකද තාමත් රොයල්, ආනන්ද, පීටර්ස් වගේ ඉස්කෝල වල එක පන්තිය ළමයි 40-50ක් ඉන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි, දෙමව්පියන් රැකියා කරන අය ඉන්නේ 50% වගේ. මම ඉස්කෝලේ යන කාලේ රොයල් එකේ හිටියා ගාල්ලේ යාළුවෙක් ශිෂ්‍යත්වය පාස් වෙලා ආවේ. හැමදාම එන්නේ කොච්චියේ ගෙදර යද්දි හවස් වෙලා, නැත්තං රෑ. පව් මොනවා වුනත්. අද නම් ජනප්‍රිය වෛද්‍යවරයෙක් .හැබැයි එයා අද කියනවා මම ගමේ ඉස්කෝලේ හිටියත් දොස්තර ලු .ළමා කාලයක් තිබ්බේ නැති එකට දුක් වෙනවා ලු
කමක් නෑ... බාර් ඇරියනෙ.
ජාතිය වඳ වෙනවා .2100 වෙනකොට ජාතිය ඩවුන් ද පල්ලම් .දුකයි බෝල ඉන්න දරුවෝ ගැන.දැන් ඉන්න බහුතරයක් ජාතිය /ආගම ගැන හැගීමක් නැති අවජාතකයෝ.මුන්ට හෙටක් අනාගතයක් නොමැත