
(උපුල් හේරත්)
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
එම යන්ත්‍රය එසේ රැගෙන ගියහොත් රජරට පිළිකා රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමක පත් වන බව රජරට පුරවැසි කමිටුව කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිළිකා සායනයේ දැනට තිබෙන ලීනක් යන්ත්‍රය අබලන් තත්වයේ පවතින බව වාර්තාවන අතර එය වරින් වර ප්‍රතිසංස්කරණය කරමින් වසර 12ක් තිස්සේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යෙදා ගත් බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
එම තවදුරටත් පිළිසකර කිරීමට නොහැකි හෙයින් මෙම ලීනක් නමැති යන්ත්‍රය ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ගියහොත් ඉදිරියේදී එම සායනය වසා දැමීමට සිදුවන බව පුරවැසි කමිටුව අවධාරණය කරයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 37 හා 38 හි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහු සැලකිය යුතු ප්‍රමාණයක් සිටිති . එපමණක් නොව සතියේ දින පහක් මුළුල්ලේම රෝගීන් එක් දිනකට දෙසීයකට නොඅඩු ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍යය දුලාන් සමරවීර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී කියා සිටියේ,මෙම ලීනක් නමැති යන්ත්‍රය වෙනත් රෝහලකට රැගෙන යෑම සඳහා සූදානමක් තිබෙනවා. එම ආරංචිය ඇත්තක්. යනුවෙන් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?