(යොහාන් භාසුර)
අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා ඇති පැරණි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වන බවත් මාස දෙකක් තුළ අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මාර්ගය අලුතින්ම සකස් කරමින් නව සිල්පර සහ පීලි අතුරමින් පැයට සැතපුම් 100 ක පමණ වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි අති නවීණ දුම්රිය මාර්ගයක් බවට එම මාර්ගය පත්වන බව කී අමාත්‍යවරයා අනුරාධපුර සිට මහව දක්වා වන දුම්රිය මාර්ගයත් ඉතාමත් කෙටි කාලයක් තුළ නවීකරණ කටයුතු අවසන් කර කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ඉතාමත් සුවපහසු, කාර්යක්ෂම සහ වේගවත් දුම්රිය සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.
ඉන් පසුව යාපනයේ සිට කොළඹට යෑමට ගතවන කාලය පැය එකහමාරකින් පමණ අඩු කරගැනීමට හැකිවන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
අනුරාධපුර ප්‍රදේශයේදී ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය. මහා මාර්ග රාජ්‍ය අමාත්‍යංශ සිරිපාල ගම්ලත් සහ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. මහව සිට ඕමන්ත දක්වා වන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් කෝටි 3500 ක පමණ මුදලක් ආයෝජනය කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින්ම නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට ශක්තිය නැති රටක්.සුද්ද හදපු පාරවලුත් වහල දැම්ම. නිවට නායකයෝ