(අතුල බණ්ඩාර)
රජය මගින් පවත්වා ගෙන යන අනුරාධපුර ,සාලියපුර පිහිටි "ශාන්ති සෙවන" වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 41 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබු බව හඳුනා ගෙන ඇතැයි අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
වැඩිහිටියන් 298 දෙනෙක් නේවාසිකව සිටින මෙම වැඩිහිටි නිවාසයේ කොරෝනා වයිරසය ආසාදනයවූ වැඩිහිටියන් තුන්දෙනෙකු පසුගිය අඟහරුවාදා (24) මුළින්ම හඳුනා ගත්තේය.
අනතුරුව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී වයිරසය ආසාදනයවූ අනෙක් වැඩිහිටියන් හඳුනාගත් බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසිය.
කොරෝනා රෝගීන් ලෙස හඳුනාගත් වැඩිහිටියන් 41 දෙනා අතරින් 27 දෙනකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කළ බවත්, අනෙක් පිරිස වැඩිහිටි නිවාසයේම වෙන් කළ වාට්ටුවක සෞඛ්‍ය ආරක්ෂිතව රඳවා ප්‍රතිකාර කිරීම සිදුකරණ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.