(ඩයනා උදයංගනී)
අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙවර ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් තවමත් ලියාපදිංචි වී ඇත්තේ දන්සල් 15 ක් පමණක් බව වාර්තා වේ.
මීට පෙර වසරවල ජාතික පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර නගරයේ දන්සල් 200ක් පමණ පැවැත්වූ බව සඳහන්ය.
ජාතික පොසොන් උත්සව කමිටුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉකුත් දා රැස්වූ අතර එහිදී මේ බව සඳහන් වී තිබේ.
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහ දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ජේ.කේ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වී ඇත.
විදුලි අර්බුදය හේතුවෙන් පොසොන් උත්සවයේදී අඛණ්ඩව විදුලිය ලබා දීම සිදුවන්නේ පුජා භුමිවල විශේෂ ආගමික වතාවත් සිදුකෙරෙන ස්ථානවලට පමණක් බව ද මෙහිදී සඳහන් වී තිබේ.
මෙවර පොසොන් උත්සවයේ තේමාව “දේශය මිත්‍යාවෙන් මුදා ගනිමු” යන්නයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශ මිත්‍යාවෙන් මුදවගන්න එක හොඳයි. ඒ වගේම ආගමික ස්ථානවලින් උදේට , හවසට , ඉරිදට , පෝයට සිදුකරන ලවුඩ්ස්පීකර් හිරිහැරයත් නවත්වන්න. එය අවට පදිංචි මහජනතාවට පීඩාවක්..
මුලින් පන්සල මිත්‍යාවෙන් මුදවා ගෙන ඉම්මු. උදේ හවස සද්දෙට පිරිත් දැම්මාම සෙතක් වෙනවයි කියල හිතන එක ම මිත්‍යාව.
තැන තැන සිදු කරන ධාතු ප්‍රදර්ශන පිළිබඳව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සොයා බැලිය යුතුයි. ඇතැම් නොවටිනා දේ ධාතූන් වහන්සේලා යැයි පවසමින් ප්‍රදර්ශන පවත්වා මුදල් උපයන බවක් පෙනෙන්න තියෙනව .
ආලෝක පූජා නමින් දාගැබ් , බෝ ගස් , විහාරාරාමවල වහල වැසෙන්න කරන විදුලි බුබුලු දැල්වීම බුදුන් වදාල නිවන් මඟ අවබෝධ කරගැනීමේ මාර්ගයට අදාල වෙන්නේ කොහොමද ?